○● 33 ○●

1.7K 275 67
                                    

වළලන්න හදපු තෑග්ග....පැය ගානක් දික් වුණ රැය...තනිකරම ගින්දරක්....නැහැ ගින්දරක් කියනවටත් වඩා මේඝ කියන ශෘංගාරාත්මක ආත්ම සහකාරයා ගාව ඒක හෝරා ගානක අධිමාත්‍රයක්. වේදනාව පවා වින්දනයට හැරෙව්ව අධිමාත්‍රයක්.
රෑ වැහැපු මහ වැස්සට පිරුණු උල්පත් තවමත් පිටාර ගලද්දි කාමරේ පුරා තිබුණේ වෙරළු මල් සුවඳක්...
රැයක් එලි වෙනකම් අඩව් අල්ලපු එයාට කුම්භකර්ණටත් එහා නින්ද ගිහින් තිබුණා. මම තාමත් හිටියෙ ඒ ඇත්දළ පාට පපුව උඩ. ගැඹුරු හුස්මක් ගානෙම උඩ පහළ යන පපුව මත්තේ මගෙ අත්වලට දැනුනෙ යකෙක් වුණත් පපු කුහරෙ අස්සෙ හැගෙන හදවත.....ආදරේ හරි අඩුවෙන් පෙන්නපු එයාගෙ හැම ගැහිල්ලක් බැනිලලක් රැවුමක් ගෙරවුමක්
අස්සෙම හැංගිලා තිබුණේ අසීමිත ආදරය...

" මැණිකේ...උඹ ගින්දරක්...."  බෙල්ල පාමුල  හති අරින හැම රෑකම ඒ මේඝගෙ වචන. පවුල් කන්න ගත්තම පරණ මැණිකට කොම්බුව හල් කිරීම එකතු වෙලා මැණිකේ වෙලා තිබුණා. සමහර වචන තියනවා ආදරේ ඇතුලෙ ලිංග භේදයක් නැතුවම පාවිච්චි කරන. මැණිකේ ත් ඒ වගේ ප්‍රාණවාචී ලිංග භේදයක් නැති ආදරණීය අකුරු තුනක්.

" හේයි....මිස්ටර්....! කවුද ගෙදර  ටිකක් කතා කරන්න පුලුවන්ද.....! "

මෙච්චර වෙලා මන් මවාගෙන හිටිය ආදර ලෝකෙ සබන් බෝලයක් වගේ පිපිරිලා ගියේ පහළින් ඇහුණ ගෑනු කෙනෙක්ගෙ කෑගැහිල්ලකට. කෑගහපු කෑගැහිල්ලට මන් අර පූසෝ බය වෙනවා වගේ උඩ ගියා.

" මේඝ....අර කවුද ඇවිල්ලා... නැගිටින්නකෝ...."

" ම්ම්....කවුද අප්පා...කුකුල්ලු වගේ උදේ පාන්දර එන්නෙ..." මේඝ කෙඳිරිගාගෙන අනිත් පැත්තට පෙරලුනා.

" යෝ...මිනිහෝ...! නැගිටිනවා.....අර ගෑනි දොර කඩයි...." 

ගෙදරට ආපු අමුත්තිගෙ ඝන්ටාර පූජාවෙ සද්දෙ වැඩි වෙනවත් එක්ක එයා දොරට තඩිබාන පාරවල් ගානත් වැඩි වුණා.
මේඝයා ආයෙත් කෙඳිරිගාගෙන නිදාගන්න අස්සෙ මල පැන්න මන් මේඝගෙ පශ්චාත් බාගෙට කකුලෙන් ඇන්නෙ එයා ඇඳ රෙද්ද පිටින්ම බිමට වැටෙද්දි. කෙඳිරිගාගෙන කොන්ද අල්ලන්  මේඝ මට දමාගෙන රැව්වා. කමක් නෑ ඉතින් රෑ එලි වෙනකම් මගෙ කොන්ද කඩලා එයාගෙ කොන්ද චුට්ටක් රිදුනට මක් වෙනවද 

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Où les histoires vivent. Découvrez maintenant