○● 44 ○●

1.1K 210 18
                                    

" අනේ..හ් මේඝ....! "  

එයාගෙ තනි රතට හැරෙද්දි අර වතුර වැදුණ තැන් ගින්දරට පිච්චුනා හා සමානව දියපට්ටා ඇවිත් තිබුණා. පිරිත් කරපු වතුර....අනිවාර්යයෙන්ම ඒ පිරිත් වතුර....අඩුම එයා මටවත් අල්ලන්න නොදී පස්සෙන් පස්සට අඩිය තියද්දි අර කෙනා ආයෙමත් පැන් කෙන්ඩියෙන් අත්ලට වතුර අහුරක් වක්කර ගෙන මේඝ ළඟට අඩියෙන් අඩිය ළන් වුණා වගේම අනිත් අතට හිනාවුණා.

"  මට ඕනි වුණේ හරියටම දැන ගන්න....මගෙන් කරදරයක් නෑ......"

අතේ තිබ්බ පිරිත්වතුර ටික ඇඳුමෙන් පිහපු ඒ කෙනා මගෙ යට ඉදන් උඩටම බලලා එක අතක් පිටිපස්සට බැදන් මේඝ ළඟින්ම හිට ගත්තා. මේඝ තවදුරටත් පහුබහින නවත්තලා ඒ කෙනා දිහා බලන් හිටියෙ කාලයක් තිස්සෙ අඳුරන කෙනෙක්
අහම්බෙන මුණ ගැහුන වගේ පුදුමෙකින්.

" යක්ෂ ආත්මෙක ඉපදෙන්නෙ හිතේ පලිගැනීමක් තරහක් තිබුණොතින් දරුවො....අරමුණ..පලිගැනීමක්..?"

" හ්ම්....පලිගැනීමක්.....ඔබතුමා....? "

" මා අන්තේවාසිකයෙක්....මෙහි භාවනායෝගී....... අසන්න...නුඹේ
පලිගැනීම සාධාරණ ඇති....ඒත් ප්‍රවේසමෙන් නුඹ තවමත් ඉන්නේ බන්ධනේක......"

" මන් දන්නවා....වෙන විකල්පයක් නැහැ.."

" කාලමේඝ.....ඔවුන් බලවත් නුඹෙ පවුල අනතුරේ දමා ගන්න එපා.....ඉදිරිය ගැන විමසිල්ලෙන් ඉන්න...."

" ඍෂිතුමනි.....ම...මට උදව් ඕනි.....
සෘෂිතුමනි...."

"සිහි තබා ගන්න...ඔවුන් සොයාවි අමාවක කෙම්මුරක නර බිල්ලක්...."

" ඍෂිතුමනි....."

මේඝත් එක්ක මොනවද රහසින් වගේ මුමුණපු ඒ කෙනා මන් දිහා බලලා ' අමාවක කෙම්මුරක නර බිල්ලක් ' කියද්දි මට ඒක විතරක් හොඳින්ම ඇහුනා වගේම මේඝගෙ ඇස් බලන් ඉද්දිම ගැස්සුණා. තවත් මොනවහරි මේඝ එයාගෙන් අහන්න ගියත් අර ආව අඩි පාරෙන්ම කැලේ ඇතුලට නොපෙනී යද්දි මන් මේඝගෙ පිටිපස්සෙ ඉදන් ඔලුව දාලා බලන් හිටියා.

" කවුද ඒ...." 

ඒ කෙනා අතුරුදන් වුණ දිහා  බලන් උන්න මේඝගෙ ඉහළ පහළ යන හුස්ම හඬ මුලු වටපිටාවෙම පැතිරෙද්දි මන් ගිහින් එයාගෙ අතකින් අල්ලාගත්තා වගේම මේකා හැරෙණ තැපෑලෙන් මාව අඩිගානක් තල්ලු කරලා දැම්මා. එයා තල්ලු කරපු පාරට මාව ගිහින් පත ගහක කදේ වැදුනත් එක්ක උදේ කාපු බීපුවත් උගුරට ආවා. යක්කු ගැහුවහම සෙල්ලම් නෑ පුතේ හයියෝ.....
මන් තැලිච්ච ගෙම්බෙක් වගේ ගහේ කඳ බදාගෙන මන් ගාවට දුවන් එන මේඝ දිහා බැලුවා. 

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now