Yugan's pov
ගුරු සිත නොරිදවා
වෙලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොදවා.....ම්හුම්...
බැති පෙම් කෙසේවෙතත් වෙන පෙමක් නම් දලු දානවා.... හිතක් පපුවක් නැතුව කොපි කරපු පොතත් කියලා පොතේ පිටුවත් කිව්වනෙ..
පොත් ගුල්ලෙක් වෙලාම තමා නවතින්නෙ" ඕක ඉවර නැද්ද ඕයි...."
එකයි කාලයි....මහ රෑ එකයි කාලයි....
ලයිට් එලිය නිසා නින්ද නොගිය දිනෙත් ඇදේ පෙරලි පෙරලි පැයෙන් පැයට කෑගැහුවා...මෙහෙන් මේකා අරහෙන් ඇදුරුතුමානෝ....
.
.
.පාන්දර එලි වෙනකම් එසයිමන්ට් ඉවර කරපු මන් අන්තිම පැය දෙකත් නින්දක් නැතුව සොම්බියෙක් වගේ කැම්පස් ආවා.
එයා පුරැදු විදිහටම උදේ පුස්තකාලෙ කෙලවරක තිබුන මේසෙ වැඩ කරනවා....
" ගුඩ් මෝර්නින් සර්...."
හිතට දැනෙන අමුත්තක් එක්ක ඒ ඇස් දිහා කෙලින් බලන් ඉන්න බැරි තරම්... මන් බිම බලාගෙනම ඇඟිලි තුඩු වලින් මේසෙ
දිගෙ තල්ලු කරපු උත්තර කොලෙ එයා අතට ගත්තා.මාරුවෙන් මාරුවට මන් දිහා වගේම එසයිමන්ට් එක දිහා බලපු එයා නලලත් රැලි කරගෙන පුටුවෙන් නැගිට්ටෙ මේසෙට අත් තියලා තද කරගෙන.
ආයෙත් වැරැද්දක්ද දන්නෑ.....
" ඔක්කොටම කලින් කියනවා තමුන්ට මන් ලියන්න දුන්නෙ මොකක් ගැනද..."
" ක්...කාබන් කාල නිර්ණෙ...නේද....."
දත් තිස් දෙකම දාලා මන් කියද්දි
එයා කොලේ එක අතකින් අල්ලන් මගෙ මුණ ඉස්සරහට ගෙනාවා." එතකොට මොකක්ද උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයක් ගැන ලියලා තියෙන්න....."
කොලේ දැකපු මාව රත් වේගෙන ආවා....
අයියෝහ්...... සිරිසේන අංකල්..... නිදිමරගාතේ මන් උස්සන් ඇවිත් තියෙන්නෙ දිනෙතයාගෙ එකක්....
එසයිමන්ට් එක අතට ගත්ත මන් එයාගෙ මුණවත් නොබලා හැරෙන තැපෑලෙන්ම දිව්වා." ගස් ගෙම්බො....අරහෙ ප්‍රොෆෙසරයා මාව පුරාවිද්‍යාව කරන්න එලෙව්වා....අනේ ඇත්තමයි එන තරහට උඹෙ උණ්ඩුකපුච්ඡෙට සමනල් ගැටයක් දානවා යුගාන්....."
![](https://img.wattpad.com/cover/337705032-288-k182514.jpg)
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡