○● 58 ○●

1.1K 181 20
                                    

" ඒ මේඝ දැක්කයි කියපු ඔයා කනින් අහපු දේවල් විතරයි යුගාන්...."

මාවත් වේලුණු කොල ගොඩ උඩම ඉබේටම ඉන්දුනා...රෂේන් ලොකු හුස්මකින් පපුව පුරවගෙන බැලුවෙ අතු පතරින් පේන අහස දිහා.

" මන් කිව්වෙ මේ මාල ආත්ම බන්ධනයක් කියලා.....අමනුස්සයෙක් බලවත් වුණාට අපි ඒ තරම් බලවත් නෑ...අපෙ බලෙන් හරි අඩක් තියෙන්නෙ ඔය මාල වල....ඒක වැරදි කෙනෙක් අතට ගියා කියන්නෙ යක්කු බැදන් වැඩ ගත්තා වගේ එයා අණ කරන්නෙ මොනවද අපි කොන්දේසි විරහිතව බැදිලා ඉන්නවා ඒ දේ කරන්න.......මගෙ මාලෙ ගියෙ මගෙ තාත්තා අතට...මගෙම තාත්තා වුණත් එයා මාව නිධානෙ වෙනුවෙන් ආත්ම බන්ධනෙන් හිර කරා......."

දුෂ්මන්ත්ගෙ සොහොන් කොත දිහා සෑහෙන වෙලාවක් සද්ද නැතුව බලන් උන්න එයා ආයෙත් කතාව කියන්න ගත්තා. ගිය ආත්මෙ රෂේන් වගේම මගෙ ඉස්සරහ පිටම නැතිවුණ මේඝ ආයෙත් 'කාලරාත්‍රී' පූජාවක් කරලා අර්ධ අමනුෂ්‍ය විදිහට ගෙන්නලා තියෙන්නෙ දුෂ්මන්ත් ඒකත් ආත්ම බන්ධන එක්ක.

" අවුරුදු දහයක්වත් නැති වයසකදි ඔයා හිතනවද යුගාන් මම මගේම යාලුවව මරන්න හදාවි කියලා...... නෑ...යුගාන් නෑ...මන් දිවුරන්නම් මන් යොමාල්ට අතක්වත් තිබ්බෙ නෑ.....ඒ දේට වග කියන්න ඕන දුෂ්මන්ත් කියන එකා මිසක් මම නෙවෙයි....මේඝ මාව ඔය කියන වෙලේ දකින්න ඇති ඒත් හැම දෙයක්ම වුණාට පස්සෙ....මන් කියන තැනක දිවුරන්නම්....යොමාල්ට කරදරයක් කරන්න මගෙ තුන් හිතකවත් අදහසක් තිබුණේ නෑ...."

" ඔය වචන.....මන් කොහොමද ඔයාගෙ ඔය වචන විශ්වාස කරන්නෙ...."

රෂේන් මගෙ ඔලුවෙ අත තියන් අයියට කරදරයක් කලේ නෑමයි කියලා දිවුරුවත් මගෙ හිත තාමත් පසුබට වුණා ඒ වචන පිළිගන්න. ඒත් මට තවත් සැකයක් මතු වුණා සමහරවිට අයියා ඇත්ත දන්න හින්දා වෙන්න බැරිද මේඝ රෂේන්ට දාපු නඩුව අයින් කරගත්තෙ....දුෂ්මන්ත් කියන නරුමයා හින්දයි එහෙනම් අයියා මෙච්චර කල් හැම දෙයක්ම අපෙන් හංගගෙන හිටියෙ....

" මන් පොඩි ඉල්ලීමක් කලොත්.... ඔයා...."

අපි හිටියේ ආයෙමත් සොහොන් කොත් තිබුණ පාලු ඉසව්ව පහු කරලා ආපිට එන ගමන්...කැබ් එක නවත්තලා ගිය තැනට එද්දි රෂෙන් පොඩි ඉල්ලීමක් කියලා මන් දිහා බැලුවා.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Donde viven las historias. Descúbrelo ahora