○● 29 ○●

1.8K 323 22
                                    

" එන්නේ නෑ ඇතිලෙන්න...මීටරේ පරතරෙන් ඉන්නවා...."

" ම්හු....මොකක්ද අනේ...."

ටොම් ඇන්ඩ් ජෙරීටත් අන්ත විදිහට මරාගත්ත මමයි මේඝයි පුංචි සටන් විරාමෙකදි සමාදාන වුණා. වෙනදා පුරුද්දට නිදා ගන්න ඇඳට පැනපු මන් මේඝගෙ ඇඟට උඩින් කකුලක් දාගෙන බදාගන්නවත් එක්ක එයා මාව ඈත් කරලා ඇඳේ එහා කොනට පෙරලුවා.

" sorry බබා...මන් ඔය straight මිනිස්සුන්ව ආශ්‍රය කරනවා අඩුයිනේ..."

" අයියෝ....විහිළුවට කිව්වෙ මැට්ටෝ...."

" විහිළුවට හරි කිව්වනේ...ඔයා අර සඳමාලියා එක්කම ඉන්න මට නිසල් ඉන්නවනේ...."

මේඝ කිව්ව හරහට කැපෙන කතාවත් එක්ක මට දැනුනේ කන් දෙකත් එක්ක රත් වෙලා ගියා වගේ ෆීලින් එකක්. ඔලුවට තියන් හිටපු කොට්ටෙ අතට ගත්ත මන් ආයුධ සන්නද්ධව නැගිට්ටා.

" ක...කවුද...නිසල්..."

" අර ඔෆිස් එකේ ටී බෙදන උස බෝයි..."

මේඝ කිව්වෙ දාගෙන හිටපු ස්පෙක්ස් එකට උඩින් පැණි හිනාවක් දාලා බලන ගමන්.

" අර නලව නලව තේ බෙදන එකාද.."

" අන්න හරි...බලන්න ඒ ළමයගෙ හැදියාව...උදේට දෙන ටී එකත් පට්ට රසයි..."

ඔෆිස් එකේ තේ බෙදන ඩයල් එකගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙද්දි මන් කොට්ටෙත් හපාගෙනම කාමරෙන් එලියට ආවා.

" දහය...නවය...අට...හත...පහ...නෑ නෑ..හය.. යෝහ්.... අම්මේ....හ්..."

" යුගාන්....!! අර ළමයට නිදා ගන්නවත් නෑ බෙරිහන් දෙනවා...අනේ ඇත්තමයි ලොකුයි කියල බලන්නෑ අර මෝල්ගහෙන්
දෙන්නෙ...! "

කේන්තිය පාලනය කරගන්න දහයෙ ඉදන් ආපස්සට ගනන් කරද්දි ඒකත් හතෙන් පස්සේ වරද්දගෙන අම්මට කෑ ගහද්දි අම්මත් එයාගෙ සුදු පුතාට නිදාගන්න නෑ කියලා මට බැන්නා.
දැක්කනෙ දැක්කනෙ ඔක්කොම ඉන්නෙ මේඝගෙ පැත්තෙ මට මොකෙක්වත් නෑ....
සඳමාලී.......  නෑ නෑ එපා ඒ අනිත් යස්සනි
කටේ තියෙන්නෙම සෑර්...
දිලිනි නංගියා ඔයාවත් හිටියනම්....ඔයත්
දැන් අන්සතු මලක් වෙලානේ....

සාලෙට ආව මන් කොට්ටෙත් බදන් සෝෆාවට පැන්නා. බිත්ති ඔරලෝසුවෙ කටු හීමීට කැරකෙද්දි මන් කලේ නිසල්ට දෙහි කැපුව එක 
නිසල්.....නිසල්.....මන් හෙට ඕකට තේ පොවෝනවා මැනේජරයා ඉස්සරහ...

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now