●○ 12 ●○

2.4K 394 36
                                    

" අර මැක්ස් නේද....බුදුඅම්බෝ....ලස්සන
නිකන් ජෙලස් වගේ....මටත් වඩා
හැන්සම්නෙ මේ නාකි ලෙචා...."

රොකී කිව්වෙ ඉස්සරහ තවමත් කට්ටිය එක්ක කතා කරන මැක්ස් දිහා බලන ගමන්. හැමදාම තනි කලුවට අදින එයා අද සුදු පාටින් ඇදලා හිටියෙ දේව දූතයෙක් තරම් ලස්සනට.....

" ඇත්තටම මැක්ස් ඔයාට වඩා වැඩිමල්ද..."

මන් ඇහුවෙ තාමත් දිනෙත්ගෙ අවදානෙ ගන්න බැරුව කට්ට කන රොකීගෙන්.

" අපොයි ඔව් ඕකට හැට පනින්නත් ළඟයි..."

" මොකක්.....මන් සීරියස්ලි අහන්නෙ...."

" මාත් සීරියස්ලි කියන්නෙ.... දැන් හතලිස් අටක් වගේ....."

" හතලිස් අටක්.....! "

මගෙ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා...නුඹ හීනෙන්වත් නොදකින කුමරා....
සුගර් ඩැඩී ටයිප්ද දන්නෑ.....
මැක්ස් දිහා කෙලින් බලන්න බැරි කමට හොරෙන් බල බල මනෝපාරවල් ගහපු මන් ගැස්සිලා ගියේ කන ළඟින් ඇහුණ කටහඬට.

" කොහොමද ඉතින්....එදා හරියට කතා කරන්නවත් බැරි වුණානෙ......තෑන්ක්ස් කරපු උදව්වට...."

" ඕක මොකක්ද....අයියෙ...."

මට එහා පැත්තෙන් තිබුන පුටුවක ඉදගත්ත කෙනා තෑන්ක්ස් කියන ගමන් පුංචි බොක්ස් එකක් මගෙ අතින් තිබ්බෙ හිනාවීගෙන....

" ඔයාගෙ අතට ඒක ලස්සනයි...."

පුංචි බොක්ස් එක ඇතුලෙ තිබුනෙ රීදී පාට
අයිෆල් කුලුණේ රූපයක් කැටයම් කරපු වොච් එකක්. එයාම මගෙ අතට දාපු වොච් එකේ හැඩ බලන ගමන් ආයෙමට කනට කෙඳිරුවෙ මන් එයාගෙන් අත ඇදලා ගන්න දඟලද්දි.

" ඔයත් ලස්සනයි...."

සතියකට විතර උඩදි ඒ කෙනාගෙ පර්ස් වැටිලා තිබිලා නම හොයන් ගිහින් දීලා මන් කරපු උදව්වට එයාගෙන් ලැබෙන ස්තූති කීරීම් ඕනවට වඩා වැඩී නේද කියලා තේරුණේ ඒ බැල්ම වගේම අනවශ්‍ය විදිහට ළං වෙන්න හදන වාරයක් ගානෙ....

" යාලුවෙක්ද......නැත්තම්...."

අලුත්ම වොච් එකේ කැරෙකෙන කටු දිහා හිස් බැල්මකින් බලන් ඉද්දි වොච් එකේ වීදුරු මූණට වැටුණ මැක්ස්ගෙ ඡායාව...
එයා අහන දේ එක්ක ඒ ඇස් වල තිබුනෙ තියුණු බැල්මක්....මාත් ආපිට එයා දිහා බැලුවෙ මොකක්ද ඔයාට ඒකෙන් ඇති වැඩේ කියන්න වගේ

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang