○● 8 ○●

2.5K 455 61
                                    

Max's pov





කෙම්මුර අමාවකක්.....මුලු අහසම වහ ගත්ත ඝන අඳුරෙ ඈත කෙළවරක පායලා තිබුන තනි තරුවක් දිහා මන් ඇඳ පාමුල
ඉඳන් බලන් හිටියෙ ගිනි ගන්න තරම් ඇගේ රස්නෙ වැඩිවෙද්දි......පෙන්ඩෝල් පෙති වලට වත් නොබහින උණ එක්ක
සාමාන්‍ය මිනිහෙක්ට ඇහෙනවටත් වඩා
පරාසෙකින් ඇහෙන සද්ද...හරියට සතෙක් අතිධ්වනි තරංග වලට සංවේදි වෙන්නෙ මොන වගේද මගෙ හැසිරීමත් ඒ වගේ වුණා.

බෙල්ලෙ ගිනියම් වුණ මාලෙ ගලවලා විසි කරපු මට පැත්තකින් තිබුන කණ්ණාඩිය දිහා බැලුනෙ ඉබේටම.......ඒකෙ වෙනස්ම රූපයක්....හැබැහින් පේන්නෙ තවත් රූපයක්...කොටින්ම දෙබඩි ජීවිතයක්.....

ඇඳන් ඉන්න ඇඳුම් වෙනුවට තනි කලු සලු.... උරහිස ගානට වැවුණ කොණ්ඩෙ වෙනුවට ඉනෙන් පහළට වැවුන දිග කොණ්ඩෙ.....හිසේ ඉදන් පාදාන්තෙ වෙනකම් වැහුන රීදී ආභරණ...අඳුන් ගාපු රතට හුරු ඇස්....උඩු විදුරුහම පලාගෙන ආපු නල දත්.....කණ්ණාඩියෙ එහා අමනුස්සයෙක් වෙද්දි මෙහා මනුස්සයෙක්

උඩු හුළඟට මුහු වුණ ආත්ම ගානක ඉදන් අඳුනන එයාගෙ සුවඳ මුලු ආත්මයක්ම නිවද්දි අමාවක කෙම්මුරේ යක්ෂ ආත්මෙකට කැපවුණ මගෙ මනෝකාය එයා ළඟ සැරිසැරුවා .

" මගෙ මැණික උඹේ සුවඳට මන් තාමත් පුදුම තරම් ලෝබයි...."

නින්ද ගිය එයාගෙ නලලට වැටුණ කොණ්ඩෙ මම අතින් කන පිටිපස්සෙන් රැදෙව්වෙ කොට්ටෙට හිටලා රෝස පාට වුණ කම්මුලට හාදුවක් තියන ගමන්.....
බෙල්ලෙ පාමුල ඉදන් හුස්ම වැටෙන තාලෙට උස් පහත් වෙන පපුවට තියපු හාදු ගනින් බැරි තරම් වෙද්දි මේ ආත්මෙත්
නොයිඳුල් තොල්පෙති මගෙ අතින් ඉඳුල් වුණේ එයාගෙ පළවෙනි හාදුව මන් අයිතිකර ගනිද්දි...
නිදන් උන්න සලෙලු පවා ඇහැරවපු හාදුව අතරෙ නින්දෙන්ම ඇහැරුණ එයා මන් දිහා බය වුණ ඇස් වලින් බලන් හිටියා...

" අඳුරන්න බැරිද මැණික....මන් උඹෙ මේඝ...."

" මේඝ...."

බයටම වෙව්ලන තොල් වලින් එයා මුමුණද්දි නොහිතපු විදිහට මට බයවෙලා උන්න එයාව අත් වලින් තවත් තද කරගත්තා.

" ඔව්...උඹෙ මේඝ....එක තත්පරේකට හරි මාව මතකද....මැරි මැරි උඹවම හොයන් ආවා මතකද...යන්න කියද්දිත් උඹ මාවම ඉල්ලුවා මතකද.....! "

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Donde viven las historias. Descúbrelo ahora