○● 50 ○●

1.1K 198 13
                                    

මගෙ ලේ වලින්ම තෙත් වුණ පොළවෙ  මන් ඔහේ වැතිරිලා හුස්ම ඇල්ලුවා. ලේ ගඳ එක්ක කාමරෙන් ආව පුස් ගඳ ඇරෙන්න ගෙවුන පැය ගානටම මට හුළඟක්වත් වැදුනෙ නැති තරම්.

පහන තවමත් ඇවිලෙනවා. මගෙ අනුරූපෙටකට හදාපු රෙදි බෝනික්කගෙ තාමත් ඉදිකටු වගේ තුඩවල් ඇමිණිලා. නැගිටලා ඔලුව කෙලින් කරගන්න හදන වාරයක් ගානෙ මට දැනුනෙ කර ඉදිකටු අලවංගු වගේ මගෙ ඇඟ අමු අමුවෙ පසාරු කරනවා.

උඹ කොහෙද මේඝ....මන් අන්තිම හුස්මත් අල්ලන් ඉන්නෙ උඹ ඒවිමයි කියලා.
එක්කො නෑවිදින් ඉදපන් මේඝ....උන් මගෙන් වෛරෙ පිරිමහගෙන නිධානෙ ගනිවී. උඹත් ආවොත් අපෙ දරුවා පව්.

මොනවා වුණාද කොහෙ ඉන්නවාද වත් නොදන්න මේඝව මන් කොයිමවෙලේක හරි බලාපොරොත්තු වුණත් දෝනිව මතක් වුණ මන් ආයෙත් මේඝ එන්න එපා කියලා ප්‍රාර්ථනා කෙරුවා. මන් මැරුණොත් උන්ට නිධානෙ ගන්න පුලුවන් වෙවී එතකොට මට ආයෙ කිසිම සම්බන්ධයක් නැති වේවි නිධානෙ එක්ක. එහෙම වුණොත් උඹත් නිදහස් මේඝ.

පරණ.තුවාලයක් පාරණ ගානට මතක වලින්ම පෑරුණ මන් හලන්න කදුළුත් නැතිව ගරා වැටුණ ගඩොල් බිත්තියට උඩින් පෙනුන අලුපාට අහස දිහා බලන් හිටියා. එදා මගෙ අත කැපුන වෙලේ අච්චරටම සිහිවිකලෙන් රණ්ඩු වෙන්න හේතුව තේරෙද්දි මේඝට කියපු වචනයක් ගානෙ ගලක ඔලුව ගහගන්න හිතුනා. ඇයි.....ඇයි...අපිට බැරිවුණේ ඒක දුරදිග යවා ගන්නෙ නැතිව ඉන්න. මේඝ තවමත්
මන් එක්ක තරහින් ඇතිද කියල හිතෙද්දි පෑරුණ හිත තුවාලයක් ඔඩු දුවන්නා වගේ තව තවත් මන් පාරගත්තා.

" මන් මහ මෝඩයි....උඹෙ මෝඩයට පුංචිම හරි සමාවක් දෙන්න මේඝ...."  එයා ඉස්සරහම කියන්න ඕන වුණ වචන ටික මම හිතින් දහ සැරේකටත් වැඩිය මිමිණුවා.

තව හෝරා ගානයි....වෙන ඕනිම දෙයක් බාරගන්න හිත හදාගනිපු මන්  මේඝගෙ ආදරණීයම මතක අස්සෙ තනිවුණා. ජීවිතේ විදිනවට වඩා අපි නොසෑහෙන්න විදෙව්වා....මේ පරිච්ඡේදෙවත් සැනසීමක් කියලා නාමයක් ලියවිලා නැතිව ඇද්ද. 

අර අලුපාට අහස බලාඉද්දි කලුපාට වුණා වගේම අමාවක කලුවර ඇවිදින් මගෙ හිතත් ගස්සගෙන පලාතෙම අරක්ගත්තා.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Où les histoires vivent. Découvrez maintenant