○● 41 ○●

1.3K 228 17
                                    


ළිදේ සීතල වතුර අහුරක් මන් දෝනිගෙ ඇඟ දිගේ වක්කරද්දි එයා චූටි අත් මිට මොලවන් කෑගහලා හිනාවුණා....ළිඳ ගාව එයාව ඉන්දවන් උන්න බේසමේ වතුර අත් දෙකෙන්ම තලද්දි අහක හිටිය මාව එහෙම් පිටින්ම නෑවිලා ගියා. ළිඳ වටේටම කුඹුක් ගස් පේලියයි ඊට එහායින් මුලු යායම කිරි වදින්න බලන් ඉන්න නිල්ල ගැහුන ගොයමක්.....කුඹුක් ගස් වතුරෙ වස විස උරනවලු....ඒ හින්දා වෙන්නැති වතුර වල නැවුම් ගතිය. මන් තව සීතල වතුර අහුරක් දෝනිගෙ පිටට වක්කරද්දි එයා වතුරෙ නටනටම හිනා වුණා. තවත් වෙලාවක ළිඳටම බර වුණ ජමනාරං ගහේ වහන චූටි කුරුල්ලන්ට එයාගෙම බාසාවකින් කතා කලා. හැමදාම ගෙයක් අස්සට කොටු වුණාට මේ පුංචි දේවල් පවා ලස්සන අත්දැකීම්. ඇත්ත ළමයි හැදෙන්න ඕන ස්භාවික පරිසරෙ ගහකොල සතා සිව්පාවා
එක්ක. පුංචි ළමයෙක්ගෙ මනසට කා වදින දේ වලින් තමයි කවදහරි එයා අනාගතේ දකින්නෙ.
බේබි සබන් කෑල්ලක් හිමීට මන් ඒ පිරුණු බෝල අත පය වල අතුල්ලලා හේදුවා.
හිල් පොල්කට්ටෙන් ආයෙත් වතුර වක්කරලා දෝනිව නාවලා බේසමෙන් එලියට ගන්න හැදුවත් එයා නෙවෙයි වතුරෙන් ගොඩ එන්න ලෑස්තිය.දිය කාවයියෙක් වගේ ආයෙම කලේ වතුරට පැනලා වතුර තලපු එක.

" දැන් ඇති නේද ඔය හිටියා...." කුඹුක් ගස් දෙකක් මැද්දෙන් වෙද ගෙදරට යන ගුරු පාරේ දිගේ ඇවිදන් එන මේඝගෙ හඬ ඇහෙද්දි දෝනි එයාගෙ අප්පච්චිගෙ කටහඬ එන දිහාව ඔලුව උස්සලාම බලන් හිටියා.

" අනේ අනේ...මගෙ චන්ඩි කෙල්ල....ඔය ඇති වතුරෙ හිටියා...."

මේඝ අමු හෙලුවෙන් වතුරෙ නටන දෝනිව වඩාගත්තා...මන් මේඝ අතේ ඉද්දිම දෝනිව තුවායකින් පිහදාලා සීතල නැතිවෙන්න තුවායෙන්ම එතුවා. එයා සීතලට මේඝට තුරුල් වෙලා ඇඟිල්ලක් හපනවා....දත් එනවා ඇති...මන් චූටි කට ඇරලා කෙල නෑවුන අත අරන් මගෙ කමිසෙන් පිහදැම්මා. කිරි දත් පෝලිමයි දත් එන මුල් කාලෙ මන් බලන් හිටියෙ අනිත් බබාලගෙ වගේ ඉස්සෙල්ලම එන ලේන් දත් බලන්න. ඒත් මගෙ පුංචි යක් පැටික්කිගෙ ඉස්සෙල්ලම විදුරුමහ පලාගෙන ආවෙ රදනක දත් ඊටත් පස්සෙ උඩු ඇන්දෙ නල දත් දෙකක්. මට බය දත් දොස්තරට පෙන්නුවොත් මොනවා කියයිද කියලා....එයාගෙ අප්පච්චිගෙත් ඔහොමයි කියලා තමා දොස්තරට කියන්න වෙන්නෙ.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now