" කවුද මේක තේරුවෙ......"
" ඔයාගෙ අප්පච්චි තමයි...."
මගෙ අතට හිර වෙලා තිබුණෙ තනි සුදු....නෑ සුදුමත් නෙමෙයි ටිකක් ඔෆ්වයිට් ඇඳුමක්....ලිලැක් දම්පාට ශර්ට් එකට සුදු කලිසමයි බ්ලේසර් එකයි....
මිහින් අල්මාරිය පාමුල වාඩිවෙලා කට ඇරන් මන් දිහා බලන් ඉන්නවා....
" ඕක ඇඳලා බලන්නකෝ තාත්තෙ...."
" මේක මට මදිත් ඇති දැන්....."
" නෑ නෑ මන් කියනවට බලන්නකො "
පරණ අල්මාරිය අස් කරද්දි හම්බුණ මගෙ ඇඳුම ඇදලා බලන්න කියලා මිහින්ගෙන් බේරුමක් නෑ....බල කිරිල්ලටම මන් ඇදලා බැලුවා පුදුමයි....තාමත් ඒක ඇඟට තියලා මහලා වගේ...අවුරුදු විසි පහකට විතර පස්සෙ අපෙ එන්ගේජ්මන්ට් එකේ ඇඳුම....
" මන් කිව්වනෙ....."
" මයි ගෝඩ්...." මිහින් කෑගහන අස්සෙ කණ්ණාඩිය ඉස්සර උන්න මට මේඝගෙ කටහඬ ඇහුණා....එයා කාමරේ දොර උලුවස්සට හේත්තු වෙලා බලන් හිටියෙ ගල් ගැහිලා.....
විනාඩි ගානක්ම ගල් ගැහිලා බලන් හිටිය මේඝ හරි සිහියට ආවෙ මිහින් උගුර පාදලා හිනාවෙනවත් එක්ක....
" මයි චොයිස්......ඔයාවයි ඇඳුමයි දෙකම... එදා වගේමයි..."
මේඝ මගෙ අත්වලින් අල්ලන් ළං කරගත්තෙ ඇහැකුත් ගහලා....
" ඔයාගෙ චොයිස් වුණාට මගෙ ෆිගර් මේන්ටේන්...."
" තමුසෙව උස්සන් ගිහින් ආයෙ බඳින්න හිතෙනවා...." මේඝගෙ අත් මගෙ ඉන වටේ එතෙද්දි එයා මිමිණුවෙ මට විතරක් ඇහෙන්න....එහෙන් මිහින් ඔක්කොම බලන් ඉදලා ආයෙ දැක්කෙ නෑ වගේ කෑ ගගහා අල්මාරිය අඳින්න ගත්තා...
" කෝ....අයියෝ....වෙඩින් සූට් එක....."
" මේ තියෙන්න...."
" ඕක එන්ගේජ් වුණ එකනේ...මන් අහන්නෙ වෙඩින් එකේ...."
" වෙඩින් එකක් ගත්තෙ නෑනෙ...."
මේඝයි මමයි ඉබේම මූණට මූණ බලන් කියද්දි මිහින් ඇස් පිල්ලම් ගගහා අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා..." සිරාවට.....වෙඩිමක් ගත්තෙ නෑ...! "
" නෑ..! "
" හව් සෑඩ්....එන්ගේජ් වුණා විතරද ඔයාලා.."
ŞİMDİ OKUDUĞUN
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomantizmOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡