○● 25 ○●

3K 424 73
                                    

බදුලු ගමන ඉවර කරලා පුප්පගෙන ආපු මේඝ කොයි ලෝකෙක මන්දා අතුරුදහන්
වෙද්දි....මන් ගෙයි ඉස්සරහ ඉස්තෝප්පුවට වෙලා බැඳීම් වල අනිත්‍ය බව මෙනෙහි කරන ගමන් ඉඟුරු දාපු ප්ලේන්ටියක් බිව්වා.
කයියක් ගහන්න දිනෙතයත් නෑ....ඌත් හිටපු ගමන් ඎදි බල හම්බ වෙලා වගේ චුත වෙන්නේ.

" ඈ....තාත්තෙ දිනෙත් ගමේද යනවා කිව්වෙ..."

" යන්නෙ කොහෙද නම් කිව්වෙ නෑ...යාලුවෙක් හම්බවෙන්න කිව්වෙ...."

මන් ඇහුවෙ ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට වෙලා තේකක් බිබී වුන්න තාත්තගෙන්...
මගෙ අහපු දේටත් ගැලවෙන්න වගේ උත්තර බැන්ද තාත්තගෙ අවදානෙ තිබ්බෙ
වෙන දේකට....එයා සැරින් සැරේට බලන් හිටියෙ ඉස්සරහ ගේට්ටුව දිහා.

" ඔය එන්නෙ..ඔය එන්නෙ..."

හයහමාරට විතර වැටුණ ගොම්මන් කලුවරත් එක්ක හීන් සද්දෙට ගේට්ටුව ඇරගෙන අප්පච්චි හොරෙන් වගේ ඇතුලට එනවත් එක්ක තාත්තා රවා ගත්තා.
එන විලාසෙන් නම් මන් හිතන්නෙ අද මහ තැන කොහෙදි හරි සෙට් වෙලා....වෙරිත් තාම හිඳිලා නැද්ද මන්ද....
ගේට්ටුවෙන් ඇතුලට ආපු හොරා වගේ අප්පච්චි බීපුවගෙ ගඳ යන්න ගෙයි ඉස්සරහ පේර ගහෙන් කොළ කන්න ගත්තෙ කවුරුවත් දැක්කෙ නෑ කියලා හිතාගෙන වුණත් මෙහෙ අප්පච්චි එනකම්
බලන් උන්න තාත්තා කාලිට ඇඳන් හිටියා.

" අනේ ඇත්තමයි මේ මිනිහා හැදෙන්නෙත් නෑ...අර පේර ගහට හැදෙන්න දෙන්නෙත් නෑ...උදේ හයට ගියපු කෙනා එන වෙලාව වයසට නෙවෙයි වැඩ හිතන් ඇති පුතණ්ඩිය වගේ ඉලන්දාරි කියලා...... රන්මුතු.....! "

අප්පච්චි හැදෙන්නෙත් නෑ පේර ගහට හැදෙන්න දෙන්නෙත් නෑ කියපු තාත්තා ඊළඟ සැරේ රන්මුතුට අඬගැහුවා.

" ....ඇයි වරුණ මහත්තයා...."

" අන්න අර ගේට්ටුව වහලා දාලා ගිහින් ස්ටෝරු කාමරේ අස් කරලා දානවා...."

" මෙ...වෙද මහත්තය...."

රන්මුතු බයෙන් කරටි කැඩෙන්න ගහලා  එන වෙදා දිහා බැලුවෙ අද නම් ඉවරයි කියන්න වගේ.

" වෙද මහත්තය එන්නෙ ඔය...තව ටිකකින් අපිට බෙහෙත් කරන්න වෙන්නෙ වෙද මහත්තයට...."

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now