○● 56 ○●

1.3K 213 24
                                    

" මිහින්.....! "

මන් කී වෙනි පාර යටිගිරියෙන් කෑගැවද මන්දා....පුංචි පවුල රත්තරන් කිව්වට දැන්නම් ඒක කිව්ව එකාගෙ කටට රතිඤ්ඤයක් ඔබන්න තරම් හිතිලා....මැදලා හදලා අඳින්න දුන්න ඇදුම කුණු බක්කියෙ....
බෙන්ටෙන්ගෙ මොකාද මහ උරග දැවත්තයද වේග බට්ටද මන්දා
ඉන්න සපත්තුවක් ඇඳ උඩ.....අනික බාත් ටබ් එකේ....මේස් දෙක කොමඩ් එකේ....
අම්මපා මුට තියන විසයක්.....

" මිහි....න්.....! " මන් ආයෙත් යටිගිරියෙන් බෙරිහන් දුන්නා.
යක්ස පැටියා අස් කරපු කාමරෙ එහෙම් පිටින්ම අනිත් පැත්ත ගහලා.....යසයි මාත් හදාගත්තා කොල්ලෙක්...මේඝගෙ මූණයි කටයි තනිකරම එයාගෙ කොපියක් වුණාට සීයට අනූවක්ම ගිහින් තිබුණෙ මගෙ ඇට්ටරකම.
ගේ පුරාම....ඇඳ පුටු මේස යට යක්ස පැටියව හොයපු මන් අනිත්පාර එලියට බැස්සා.

" මිහින්......ඒයි...ඒයි... ඔහොම ඉන්නවා....... මේඝ.... ඔය...ඔය එයාව
අල්ලගන්න....! "

මිදුලෙ වැලි අන අන හිටපු ඒකා මාව දැක්කා විතරයි දිවත් දික් කරලා විරිත්තලා අනිත් පාර කගවේනා වගේ ගේ ඇතුලට දුවන්න ගත්තා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


මිදුලෙ වැලි අන අන හිටපු ඒකා මාව දැක්කා විතරයි දිවත් දික් කරලා විරිත්තලා අනිත් පාර කගවේනා වගේ ගේ ඇතුලට දුවන්න ගත්තා.
ඒ අස්සෙ ෆෝන් එක ඔබ ඔබ ආව මේඝ යට මන් කොල්ලව අල්ගන්න කියනවත් එක්ක පොඩි එකා මේඝට හිතන්නවත් වෙලාවක් නොදී කකුල් දෙක අස්සෙන් රිංගලා දුවද්දි කකුල පැටලුණ මේඝ මාවත් පෙරලගෙන බිම වැටුණා.

" මූ නම් යකෙක්ම තමයි...."

" හී......ඔයාට තේකක් හදන්නද ඒයි....
ඉඟුරු කෑල්ලකුත් දාලා..."

කොල්ලට යකෙක්ම තමයි කියලා ප්‍රෙශර් නැගලා මගෙ ඇඟ උඩ උන්න මේඝ මා දිහා ඔරවන් ඉද්දි මන් තේකක් හදන්නද අහලා එයාගෙ ඇද වෙච්ච කණ්ණාඩි දෙකත් හදලා කම්මුලකට හාදුවක් තිබ්බා.
ඒත් ඒ රෝමාන්තික මොහොත තිබ්බෙ මිනිත්තු ගානයි....අනිත් අතට උඩ තට්ටුවෙ ඉදන් ඇහුණ දෝනිගෙ කෑගැහිල්ලට රෝමාන්තික සීන් කැලේ දිව්වා...

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Onde histórias criam vida. Descubra agora