○● 14 ○●

2.2K 395 36
                                    


" කෝ මන් අහපු ප්‍රශ්නෙට පුතා තාම උත්තරයක් දුන්නෙ නෑ...."

මෙසේ උඩ තිබුන වීදුරු බෝලෙ මගෙ අතින් අතට පාස් වෙද්දි ලොකු කල්පනාවක හිටිය තාත්තා ආයෙමත් මට කතා කලේ ලිබර්ටි ප්‍රතිමාව වගේ හදපු
පොඩි අනුරුවට පෑනකින් තට්ටුකරන ගමන්.

" තාත්තා...මට බිස්නස් ගැන දැනුමක් නෑ
අනික මන් ඒවට ආසත් නැහැ..."

" මේ අහන්න දරුවෝ....ඔයයි අයියයි විතරයි මට ඉන්නේ....අයියා ඉන්න තත්වෙත් එක්ක එයාට පවුලෙ බිස්නස් ටික හැඩල් කරන්න කොහෙත්ම බෑ..... ඔයාට ඉක්මනටම තීරණයක් ගන්න වෙනවා..."

" දැන් තාත්තා කියන්නෙ අර ඔක්කොම බාගෙට නවත්තලා කම්පැනිඑක කරන් යන්න කියලද...."

" ඔව්.....ඒත් බැරිනම් ඔයා මන් කිව්ව ප්‍රපොසල් එකට කැමති වෙන්න...අයියා වෙනුවෙන්...එයා ගැනවත් හිතන්න...."

පවුලක වගකීම් ගැන හිතන්න හිතන්න වෙන්නෙ බෙම්බත් වෙන එක...කොච්චර කොහොම මඟ අරින්න හැදුවත් තාත්තා අවසානෙ එයාට ඕනි මාතෘකාව අල්ල ගත්තා.  මේ වෙනකම්ම මගෙ කැමැත්තට
තාත්තා ඉඩ දුන්නත් තවදුරටත් එහෙම වෙන වෙන්නෙ නැති බව මට තේරුණා.
එක අතකින් තාත්තා හරි ඇති මන් මෙච්චර කල් කලේ ආත්මාර්ථකාමී විදිහට
මගේ ආසාවල් පස්සෙ දිව්වා මිසක් අයියා වෙනුවෙන් මුකුත්ම නොකරපු එක.

" හ්ම්....ඔය කියන ප්‍රොපොසල් එක ගැන මන් බලන්නම්...."

මන් කිව්වෙ හිතේ තිබුන දෙගිඩියාවක් එක්ක. කොහොමත් බිස්නස් ගැන නොදැන මට වෙන්නෙ හැම දෙයක්ම අනා ගන්න. ඒ නිසාම මට ඉතුරු වුණේ තාත්තාගෙ දෙවෙනි යෝජනාව..

" ඒකද ඔයාගෙ තීරණේ...."

" ඔව්...අයියා වෙනුවෙන්..."








.
.
.
.
.
.
.
.

ගත්ත තීරණේ ගැන ආයෙ ආයෙත් හිතද්දි මුලු රැයක්ම නින්දක් නැතිව ගෙවිලා ගියා.
බිත්ති ඔරලෝසුවෙ කටු වෙනදටත් වඩා හිමීට කැරකෙනවද කොහෙද...තාම පාන්දර හතරට වෙලාවත් නෑ....මන් එහෙම්ම ඇදේ හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වුණේ ෆෝන් අතට ගන්න ගමන්.
ඊයෙ ආව රොකීගෙ කෝල් එක විතරයි. ගමේ ගිය දිනෙත්වත් කතා කරලා නෑ. ඒ අස්සෙන් මැක්ස් ඔලුවට වද දුන්න ලොකුම ප්‍රශ්නෙ එයා...මොනම හේතුවක් හින්දවත් එයාව හිතින් අයින් වුණේ නෑ.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now