○● 47 ○●

1.1K 192 19
                                    

දෝනිගෙ ඉකිබිදින සද්දෙ ඇහුන මන් ගේ ඇතුලට දිව්වා වගේම කටහඬ කොහෙන්ද එන්නෙ කියලා හිතා ගන්න බැරි වෙච්ච මම කුස්සියෙන් පිහියක් අරන් අත් කිටි කිටියෙ තද කරගත්තා. උඹ මගෙ දරුවගෙ අප්පච්චි වුණාට කරන්න දේයක් නෑ මේඝ....මට ඔක්කොටම වඩා මගෙ දරුවා වටිනවා. දරු කැක්කුම ඉස්සරහ අම්මලා කාලි වෙද්දි මාත් දරුවගෙ පැත්ත ගත්තා.
දෝනිගෙ ඇඬිල්ල තවත් ඇහෙන් නැතිව යද්දි මගෙ බයත් එන්න එන්නම වැඩි වුණා. මන් පිහිය අතට තද කරගෙනම බලන් ඉද්දි අමුතුම ගුප්ත නිහඬ බවක් ඇතුලෙ වතුර වැටෙන සද්දයක් විතරක් මුලු ගේ පුරාම දෝංකාර දෙද්දි මන් ඒ දිහාවට ඇවිදන් ගියා.

ඒකත් අපේ කාමරෙන් වෙද්දි නානකාමරේට එබුන මන් දැක්කේ බාත්ටබ් එක උතුරලා යන්න වතුර ගලනවා....ඒ අස්සෙ මොකාද ටැප් එක ඇරලා තියෙන්නෙ...මන් ඇරලා දාලා තිබුණ ටැප් එක වහන්න ලං වුණත් වතුරෙ පාවෙන බෝනික්කෙක් වගේ දෙයක් ඇහැ ගැටිලා එහෙම්මම නැවතුනා. නෑ නෑ.....ඒ බෝනික්කෙක් නෙවෙයි....ඒ මන් දෝනිට උදේ අන්දපු රෝස පාට ගවුම වෙද්දි අතේ තද කරන් හිටපු පිහියත් බිම අත ඇරපු මන් වතුරෙ පාවෙන ළමයව අතට ගත්තා.

" දෝනි......දෝනි..!..අනේ මැණිකෙ.....ඇස් අරින්න වස්තුව....."

වතුර පෙවුන දෝනිගෙ රෝස කම්මුල් නිල් වෙලා තියෙද්දි  නිල් වුණ අතපය මන් අතට ගනිද්දිම දෙපැත්තට කඩන් වැටුණා. කොච්චර වෙලා වතුරෙ උන්නද කියලා නොදන්න මන් පණ නැති දරුවව තුරුලු කරගෙන කෑගගහා ඇඩුවා....කරපු එකා මොකා වුණත් මන් ඌට වැහි නැති හෙණ ඉල්ලුවා....පපුවෙ කිසිම ගැස්මක් නැති තැන මන් මගෙ අත් වලින් දරුවගෙ පපුව තෙරපන ගමන් හුස්ම පිම්ඹා.....බඩ තෙරපන සැරයක් ගානෙ පෙනුව වතුර කටින් එලියට ආවත් සිහියක් පතක් නැති දරුවව උරහිසක තියාගත්ත මන් ගෙයින් එලියට ආවා.

" ඔහොම නැවතියන්.."
ඒත් වාහනේ ළඟට යන්න අඩි දෙක තුනක් තියෙද්දි මේඝගෙ කචහඬට මන් එහෙම්මම නතර වුණා. එයාගෙ අතක තවමත් ලේ පෙරෙන පිහියක් වෙද්දි මන් දෝනිවත් තුරුලු කරගෙන පස්සෙන් පස්සට ගෑටුවා.

" මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ....හරි සිහියට එනවා...මේ ඔයාගෙම ලේ....මේ ඔයාගෙම දරුවා.....මේඝ....!"

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Wo Geschichten leben. Entdecke jetzt