●○ 19 ○●

2.3K 382 53
                                    

" නිදිමතද මැණිකට...."

ඉස්තෝප්පු බිමේ සීතලත් එයාගෙ පපුවෙ උණුහුමත් එක්ක හමාගෙන ආපු හුළඟත් ගස් වල අතු තාලෙකට හොලවගෙන යන්න ගියේ කුරුඳු තෙලින් ඇවිලෙන පහනෙ සුවඳ නාස් පුඩු ළඟ තවරගෙන.

වෙද ගෙදරට ආපූ හැමෝම අවරට යන ඉරත් එක්ක යන්න යද්දි කලුවර ඇවිදින් ටිකෙන් ටික වහ ගත්ත ගෙයි දොරකඩ ඉදන් මහ රෑ මැද එයයි මමයි තනිවුණේ පරණ තාලේ රේඩියෝවෙන් ගලන් ආව අමරදේව මහත්තයගෙ ඈත කඳුකර හිමව් අරණක සිංදුවෙ පද අතරෙ. මන් හිතන්නෙ පුරුෂ වර්ණනාවක් ගැන කලාතුරකින් ලියවුණ සිංදුවක්....

රනින් කල වන් පුලුල් උරයෙන්...
හසුන් ලමැදේ මුසකරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ.........

නලදමයන්ති ජාතකේ හංසයා ගිහින් දමයන්ති කුමරිය ඉස්සරහ නල කුමාරයව වර්ණනා කලේ මොනවගේද මමත් කලේ හැබැහින් මන් දිහා බලන් ඉන්න මගෙ කුමාරයට ඒ පදවැල් ආදේශ කරපු එක...
අඩ අදුරෙ එයත් ඒ සිංදුව මුමුණන ගමන් මන් දිහා බලන් හිටියා...

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ......

වැට කඩුල්ලට එහා තණකොල ගොල්ලේ පියාඹන කණාමැදිරො දිහා බලන් මේඝ ඈනුමක් ඇරියෙ නිදිමත බේරෙන ඇස් ඉබේටම පිය වෙද්දි...

පව් එයාට මහන්සි ඇති..උදේ ඉදන්ම
ලෙඩ්ඩුන්ඩ බෙහෙත් කරන්න අප්පච්චිට උදව් වෙලාම..

හෝරාවක් දෙකක් ගෙවිලා යන තැන ආයෙමත් රේඩියෝ එකෙන් අමරදේව මහත්තය ඇවිදින් සඳ තරුත් නිහඬ ගහ කොලත් නිසල මුලු ලෝකයක්ම සැතපෙන රෑක සිතිවිලි විතරක් අවදි වෙලා ඉන්න හැටි හරි ලස්සනට කියන්න ගත්තා.

ඇත්ත සිතිවිලි විතරක් අවදි වුණ රෑක අපි දෙන්නටම නින්දක් නෑ....කොටින්ම නිදා ගන්න පවා ලෝබ හිතුනා..එයාගෙ තුරුලෙ ඉන්න මේ පුංචි වෙලාවත් ඉක්මනට ගෙවිලා ඉවරවෙයි කියලා.

පහනකින් ආව කණාමැදිරි එලිය ඇරෙන්න මුලු පාලාතම තිබුනෙ අඳුරක් වුණත් අඳුරට හුරු වුණ ඇස් වලින් මන් මේඝගෙ ඇස් වලට එබුනා. මේඝ කියන්නෙ මන්ත්‍රයක් නම් මහ රෑක ඒ ඇස් මන්ත්‍රකින් කරන මෝහනයක්.....

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Dove le storie prendono vita. Scoprilo ora