●○ 15 ●○

2.2K 400 59
                                    

බොරලු පාර පහුවෙලා කාපට් පාරට වැටෙද්දි මන් ශටර් එකට ඔලුව ගහගත්තෙ කාර් එක එලවන ගමන් දිනෙත් රොකීට බනින බැනිලි අහගෙන
එහෙන් ජයරත්න මහත්තයා රේඩියෝ එක අස්සෙන් කෝ මා පැතූ ඔබේ ආදරේ අහනවා.
පැතූ ආදරේ කෙසේ වෙතත් තියෙන එකත් නැති වෙන්න යන ගානට දිනෙතයා කෑගැහුවෙ.

" මේ මිනිහා එක කෝල් එකක්වත් ආන්සර් කරන්නෙ නෑනෙ...බලනවා....ආයෙත් අර උඩැක්කි එක්ක ඇමිනිලාද දන්නෑ...මේ පාර නම් ඕකිගෙ වකුගඩු දෙක ගලවලා විකුණනවා..."

මේකට මූලගින්නද කොහේ...රොකියට කියන්න ඕනි අර කඩහපොල මූලග්ගින්ට ප්‍රත්‍යක්ෂ සුවයවත් අරන් දෙන්න කියලා.

දිනෙත්ගෙ කේන්තියට සමානව ඇක්සලේටර් කරන වේගෙත් වැඩි වුණා. කොයිකටත් කියලා අත නිසා නොදාපු සීට් බෙල්ට් එක මන් ඇදලා අරන් දාගත්තෙ පෙර සූදානමට....නැත්තම් මෙතන වලකජ්ජ ගහලා මූ එක්ක එකටම අපායේ ගිහින් මූ යමපල්ලන්ට සිසේරියන් සැත්කම් කරනවා බල බල ඉන්න වෙයි මට....
හිතුවා වගේම දිනෙත් පාර මැදම ගහපු බ්‍රේක් පාරට මන් බේරුණේ දත් ටික කඩාගන්නෙ නැතුව.

" මොන මඟුලක්-    "

" අඩෝ මේ එතනමයි...බන්.."

මන් බනින්න කට ගන්නවත් එක්ක දිනෙත් පාලු පාරෙ මැද නවත්තපු වාහනෙන් බැස්සෙ පුදුමයක් බයක් මිශ්‍ර වුණ බැල්මක් එක්ක.

" මන් ඊයෙ රෑ හීනයක් දැක්කා බන්...වාහනේ ගියේ උඹයි මමයි...ඩ්‍රයිව් කලේ උඹ...."

එයා කිව්වෙ පහළට තියෙන ලොකු පල්ලම දිහා බලාගෙන

" ඉතින්..."

මම ඇහුවෙ දිනෙත් අහන්න යන දේ ගැන ඉවෙන් වගේ දැනගෙන.

" හරියටම මෙන්න මේ වගේ ප්ලේස්  එකකදි  වානේට පල්මට පෙරලිලා ඇක්සිඩන්ට් වුණා..."

දිනෙත් කලින් ආත්මෙ එයාගෙම මරණෙ ගැන කියද්දි මගෙ ඇස් ගියේ එයාගෙ නලල
හරියෙ සුදු පාට කැලලක් විදිහට ඉතුරු වුණ උපන්  ලපේ ගාවට.

" ඒක දැකලා මට නින්දකුත් නෑ ඕයි...."

" මෙන්න මෙහෙ වරෙන් යන්න...බහුබූත
කියෝනවා..."

කියන්න තිබ්බනම් ඔයා දැක්කෙ හීනයක් වුණත් ඒක ඇත්තටම මෙතන වුණ දෙයක් කියලා...කියන්න තිබ්බ නම් එයා ආදරේ කරන්නෙත් ආත්ම ගානක් එකට ආව එදා හිටිය රසිදුට කියලා....
මාලෙ වගේම ඊයෙ වුණ දේවල් එක්ක අතීතෙ තවමත් මට රහසක් නොවෙද්දි කිසිම දෙයක් නොදන්න දිනෙත්ට කිව්වොත් ඔකා මගෙ ඔලුවත් එක්කම කනවා කියන්න මන් දන්න නිසාම දිනෙත්ව බලෙන්ම මන් ඇදන් ආවා.



ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now