●○ 24 ○●

1.9K 358 39
                                    

" බාප්පා දන්නවද මේ ගැන...."

" ඔයා හිතනවද මන් මේක ඩෑඩ්ට කියයි කියලා...never...! "

" එකකොට අපේ අප්පච්චිවත්...."

" එයලා එක්කෙනෙක්වත් දන්නෑ...anyway
I supported you, then you support me..."

" මොකක්ද කියනවකො ඔච්චරටම මට කරපු උදව්ව...."

" ඇයි මම ඔයාට දිලිනි ගැන විස්තර හොයලා කිව්වෙ...."

අයියා නගෝ නයයි මුගටියයි වගේ කා ගන්නෙ අස්සෙ රේචල්ගෙ කටින් පැන්න වචනෙකට දිලිනියි මායි දෙන්නම මේඝ දිහා බැලුවා.

" මොකක්ද ඒ කතාව...! "

මම ඇහුවෙ පුදුමෙන්... ඇරත් මේඝට මොන කෙහෙල් මලකටද දිලිනිගෙ විස්තර
දෙන්න උත්තරක් නැතිව මේඝ රේචල් දිහා බලන් රවද්දි රේචල් ඇහිබැමක් උස්සලා මන් දිහා බැලුවා.....

" මන් හිතන්නෙ මස්සිනා....ස්ටෝරිය දන්නෙ නෑ වගේ....නේද මිස්ටර්... නිශ්ශංක....."

රේචල් කට කොනින් හිනා වෙලා කියන ගමන් මේඝ දිහා බලද්දි මේඝ යටි තොල තදටම හපාගෙන අහක බලාගත්තා.

"මේඝ..."

" මේඝ මන් ඔයාට කතා කරන්නෙ..."

දැන් ඉන්නවා සිල් ගත්ත උපාසක තොමෝ
වගේ...මන් කෑගහන එක ගානක්වත් නැතුව එයා ජනේලෙකින් රවාගෙන එලිය බලාගනිද්දි රේචල් පැත්තක ඉදන් මේඝගෙ ජාතකේ දිග ඇරියා.

" මස්සිනාට මතකද අපේ ලෙක්චර් අයියණ්ඩි ඔයාගෙ ෆෝන් ගත්තා.......ම්ම්...
ආන්න එදා තමයි මට දිලිනිගෙ ෆොටෝ එකක් පෙන්නලා උප්පැන්නෙ ඉදන් විස්තර හොයලා දෙන්න කිව්වෙ...."

" එහෙමයි කියලා මන් තමුසෙට යාලුවෙන්න කිව්වෙ නෑනෙ..."

මෙච්චර වෙලා කට වහන් හිටිය මේඝ ආයෙත් රේචල්ට එකට එක කියන්න ගත්තා. බලන් ගියහම දෙකම එකයි...
රේචලුත් යක්ඛ දියණියක් නම් දිලිනිට නා...යිස්.

" නරින්ට කුකුල්ලු බලාගන්න දුන්නහම ඔහොම වෙනවා..."

මන් කිව්වෙ ඔරවන් බලන් ඉන්න අපේ මිනිහට. ඒ අස්සේ දිලිනි රේචල් පිටිපස්සෙ හැංගුනේ මරාගෙන කන්න වගේ බලන් ඉන්න මේඝගෙ ඇස් වලින්.

" ඉතුරු ටිකත් අහන්න මස්සිනා..."

" කියන්න...."

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now