Mega's pov" අප්පච්චි....."
" ඔය පහනට තෙල් ටිකක් දාලා දුම් කබල් ලෑස්ති කරගනින්...."
මැටි පහන පුරෝලා තෙල් දාපු මන් තාත්තා ගෙනත් දුන්න සාම්බ්‍රානි සුවඳ හමන දුම් කබල අතට අරන් අප්පච්චි කරන දේ එකින් එක බලන් හිටියා.
' අඳුනක්...' අප්පච්චි හදන්නෙ අඳුනකින් යුගාන් ඉන්න තැනක් ගැන ඉඟියක් ගන්න. යුගාන් ඔය කියන විදිහට පොලිසියෙවත් නැත්නම් අනිවාරෙන්ම අරුන්ගෙ උගුලකට අහුවෙලා. සෘෂිතුමා කියපු අමාවක කෙම්මුර තියෙන්නෙත් අද.. ඉතින් නිධානෙකට බිල්ලක් දෙන්න හොඳම දවස අමාවක කෙම්මුර රැයක් වෙද්දි උන් අද සවසම වැඩ පටන් ගනීවි.
යුගාන් ගැන මතක් වෙද්දි මගෙ කොඳුඇට පෙල දිගේ සීතලට හිරියක් ගලාගෙන ගියේ හුස්මකින් පපුව බර වීගෙන.
ගෝරෝචන, කස්තුරි, නාග පාසානම්, අමු කපුරු, හිරියල්, රන්, වියළි කහ, අත්තන ඇට, පඹුරු මේ ඔක්කොම බෙහෙත් පල්මානික්කම් වගේම පස් තෙල් එක්ක ගලක අප්පච්චිට ඇඹරුවෙ ඇහෙන නෑහෙන ගානට මන්තර ජප කරන ගමන්. දේවසිංහ වෙද මහත්තයා කියලා එක අතකින් ප්‍රසිද්ධ වුණත් වැඩි හරියක් මිනිස්සු අප්පච්චිව හොයන් ආවෙ ගුප්ත ශාස්ත්‍ර වැඩ වලට.
දේවසිංහ වෙද පරම්පරාව කවමදාවත් ගුප්ත ශාස්ත්‍රය ගාවගන්න අකමැති වුණත් අප්පච්චි ඒ පැත්තට ගොඩක්ම බර වුණේ තාත්තා නිසා කියලයි මට හිතුනෙ. ඒ අතින් බලද්දි තාත්තාගෙ අර්ධ අමනුෂ්‍ය පැත්ත වැඩි හරියක්ම ප්‍රයෝජනේට ගත්තෙ අප්පච්චි. නොකීවට අප්පච්චි කලේ යක්කු බැදන් වැඩගන්න එක. හරියට යුගානයා මාව බැදන් වැඩ ගන්නවා වගේ.
බෙහෙත් බඩු කලු තලියක් වෙනකම් ගලේ ඇඹරෙද්දි අඹරන්න කලින් මිරිස් ගල යටින් අප්පච්චි තියපු රීදී කාසිය අර කලු තලිය මැද්දෑවෙන් ඉබේටම මතු වුණා.
ඒ 'අංජනම' නියම ප්‍රමාණෙට හැදුනා කියන්න දෙන ඉඟියක්.
අප්පච්චි අර කලු තලියෙන් ටිකක් අරන් සුදු පාට පිරිසියක මැද රවුමක් වගේ ගාලා පහන් දැල්ලට ඇල්ලුවා.
ඊළඟට තියෙන්නෙ තාත්තාගෙ රාජකාරිය. ඉස්සර ඉදන්ම තාත්තාට වගේම මටත් අර්ධ යක්ෂයො නිසාම තිතටම අඳුන් බලන්න කනප්පු යවන වගේ වැඩ පුලුවන්. ඒත් මන් හොරෙන් අත්හදා බැලුවා ඇරෙන්න තාත්තා මාව කවමදාවත් ඒ වැඩ වලට සම්බන්ද කරගත්තෙ නෑ. ඒ ඇයි කියලා මටම තේරුණේ පොඩි කාලේ කරපු අත්හදා බැලීමක් සුපිරියටම කෙලවෙලා ගිය දවසක. මාව එක විනාඩියකට අතීතෙට ඇදිලා ගියා.
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡