○● 23 ○●

2.3K 371 72
                                    

" තව පැයයි තියෙන්නෙ ඉක්මනට......කෝ
බෑග් දෙකම හරි නේද...."

" බෑග් දෙකක් මොකටද...."

" එකේ නැන්දම්මට පොල්.....කටවහන් එනවද..පරක්කු වෙනවා..."

අයියයි දිනෙතුයි වෙද ගෙදර නවතිද්දි මම ආපිට අද ගෙදර යන්න උදේ ඉදන් ලෑස්ති වුණා. මාව ගෙදරට ගිහින් දාන්නම් කියලා භාරගත්ත මේඝ දවල් වෙද්දි එයත් බෑග් එකක් උස්සන් ඇවිත් කැබ් එකට දැම්මා.
හැබැයි මිනිහට මාර උනන්දුවක් තිබ්බද කොහෙද මාව ගෙදර යවා ගන්න.....

විනාඩියක් ගානෙ පරක්කු වෙනවා ගගා කෑ ගහපු මේඝ අන්තිමට ජයන්නත අංකල්වත් දාගෙනම ටවුන් එකට ඇවිත් එයාට කැබ් එකේ යතුර දුන්නා.

" අපිව දියතලාව ස්ටේශන් එකෙන් දාගෙනම ජයන්නත කැබ් එක අරන් ගෙදර යන්න මන් අප්පච්චිට කියන්නම්...."

මේඝ ජයන්ත අංකල්වත් හදිස්සියේම වගේ අනිත් අතට පිටත් කරලා ඇරලා දියතලාව ස්ටේශන් එකේ ටිකට් කවුන්ටරේට මාවත් ඇදන් දිව්වෙ පුදුම හදිස්සියකින්.

නිලටයි රතටයි හැඩ වෙලා කොලඹ ඉඳන් ලැසි ගමනෙ ආපු උඩරට මැණිකෙ හූ තියාගෙනම දියතලාවෙන් නතර වෙද්දි දෙවෙනි පංතිය ටිකට් දෙකක් අරන් ආපු මේඝ මාවත් ඇදගෙනම උඩරට මැණිකෙට ගොඩවුණා.

" මේඝ....අපි කොලඹ නෙමේද යන්නෙ...."

" නැහැ....උඩරට මැණිකෙයි මගෙ මැණිකෙයි එක්ක බදුල්ලට...."

මාව ගෙදර එක්ක යනව වෙනුවට එයා බදුල්ලට එක්ක යනවා කියද්දි මන් එයාගෙ බෙල්ලෙ එල්ලුනෙ කම්මුල පිරින්නෙම හාදුවක් තියලා...

" ඇයි ඉතින් කලින් මට කිව්වෙ නැත්තෙ..."

" ට්‍රිප් කියන්නෙ කලින් ප්ලෑන් කරලා හැමෝටම කියලා යන්න පුළුවන් එකක් නෙවෙයි හොරෙන්ම ගියොත් ඇරෙන්න...."

ඇත්ත තමයි කට්ටියට කිය කිය හිටියොත් ආත්මෙට යන්න හම්බ වෙන්නෙ නෑ අන්තිමට ට්‍රිප් එක යන්න වෙන්නෙ කටින් විතරයි.

යකඩ රෝද රේල් පිලී වල ගැටිලා එන ටකස් ටකස් ගාන හඬත් එක්ක දියතලාවෙ ගිමන් හැරපු උඩරට මැණිකෙ ආයෙත් හූ තියාගෙනම කන්ද උඩරටට ඇදුනා. බණ්ඩාරවෙල හපුතලේ පහු කරන් සුද්දා හදපු රේල්පාර දිගේ කඳු බෑවුම් අස්සෙන් බදුලු සුරපුරේට ඇදුන කෝච්චියෙන් එලිය බලන් උන්න මන් මගෙ ළඟ හිටියෙ මේඝගෙ උරහිසකට හේත්තු වුණා....

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now