" කෙල්ලෙක් හිටියට බීම එකක්වත් හදනවද......"
මන් අතේ තිබුන බීම වීදුරු දෙක ට්‍රේ එක පිටින් සෝෆා එක ඉස්සරහින් තිබ්බෙ රේචල්ට පොඩි නෝක්කාඩුවක් කියන ගමන්. මොකද රේචල් කියන්නෙ කෙල්ලෙක් වුණාට උයන පිහන වැඩ පේන්න බැරි චරිතයක්.
" ආ..ශ්...මන් ඔය කිචන් එකේ වැඩ වලට එච්චර ආස නෑ...."
රේචල් කිව්වෙ බීම වීදුරුවක් අතට ගන්න ගමන් එයාගෙයි දිලිනිගෙයි ලව් ස්ටෝරියෙ රස බර තැන් පැහැදිලි කරන ගමන්." ඊට පස්සේ මොකෝ වුණේ...."
මාත් ඉතින් ළිඳ සංගමේ වගේ රේචල් එක්ක පැය ගානක්ම කතාවට වැටුණෙ වෙලාව ගැනවත් සිහියක් නැතුව. බීම එකෙන් උගුරු කීපයක් බිව්ව රේචල් ආයෙත් අතරමැද නවත්තපු කතාව පටන් ගත්තා." ඩැඩාට ඕනි වුණා මාවයි මේඝවයි මැරි කරවන්න....ඒ හින්දා තමයි මන් ඔයාලගෙ වැකේශන් එද්දිම වගේ අයියත් එක්ක ලංකාවට ආවෙ....පස්සෙ තමයි දිලිනිව බලන්න ගියේ..."
රේචල් තොල හපාගෙන හිනාවක් දාන ගමන් කිව්වෙ එයාගෙ ෆෝන් එකේ ලොක් ස්ක්‍රින් එකට දාලා තිබුන දිලිනිගෙ රූපෙ දිහා බලාගෙන." ඇයි බාප්පා අර වගේ තීරණයක් ගත්තේ..."
" ඩෑඩ්ට ඕනි රෂේන්ව අර කේස් එකෙන් කොහොම හරි බේරගන්න...ඒකට මේඝ නඩුවෙදි සාක්ෂි දෙන එක නවත්තන්න හදන්නෙ...මාව මැරි කරානම් මේඝ ආයෙත් අර ගෙදරට හිර වෙනවා...මට නම් හිතෙන්නෙ ඔතන ඊට වඩා කේස් එකක් තියනවා....ඒ මදිවට ඔයා මොකටද අපෙ අයියා එක්ක එදා රණ්ඩුවට ගියේ....
ඕකා තමුසෙව ලේසියෙන් අතඅරින එකක් නෑ...."රේචල් මේ සම්බන්ධව දන්නෙ පොඩි සීමාවකට විතරයි කියන්න මට කතාවෙන්ම තේරුණා. මට අවංකවම ඕනි වුණේ මගේ අයියට රෂේන් අතින් වුණ දේ දැන ගන්න වුනත් රේචල් මේ ප්‍රශ්නෙට අදාලම නැති කෙනෙක්. එතනින් එහාට ඒ ගැන කතාව අපි නැවැත්තුවා. ඇරත් රෂේන් එක්ක වුණ රණ්ඩුව වෙලා දැන් සතියකටත් වැඩි...නිකන් මොකටද පල්වුණ කුණු අවුස්සන්නෙ...
" රෑට කාලා යන්න ඉන්න හොඳේ...."
දන්නෙම නැතුව හවස් වේගෙන එන නිසා මන් රේචල්ට ආරාධනා කලේ රෑ කෑමට ඉඳලම යන්න....ඒත් පස්සෙයි මතක් වුණේ ගෙදරට ගෙනාපු බඩුත් ඉවරයි කියල....
ගෘහ මූලිකයාට දන්වන්න එපැයි ඉතින් ඔව්වා..මන් සනිකවම මගෙ ස්වාමිපුරුෂයට කෝල් එකක් අරගත්තා...
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡