○● 34 ○●

1.6K 266 24
                                    

" මේඝ....ඇස් වහන්න එපා...ප්ලීස්....."

එයාගෙ අඩවන් වුණ ඇස් තවමත් රතු පාටින් දිලිසෙද්දි හුස්ම වැටෙන වේගෙ ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරුණා. ඒ වෙද්දිත් මන් රොකීට දහ සැරේකටත් වැඩිය කෝල් අරන් තිබ්බා. මේඝව වන්තම් කරගත්ත මන් හෝල් එකෙන් එලියට එනවත් එක්ක දෙයියො බැලුවා වගේ රොකී වගේම දිනෙත් ඔඩිටෝරියම් එක පැත්තට දුවන් ආවා.

" ඉන්න මන් අයිස් ටිකක් අරන් එන්නම් ඉස්සෙල්ලම ලේ යන නතර කරගමු...."
දිනෙත් එයා දන්න හැම විදිහකටම ප්‍රථමාධාර දීලා මේඝගෙ තුවාලෙන් ලේ යන එක නතර කරගන්න හැදුවත් ඒ කිසිම දේකින් වැඩක් නැති වෙද්දි රොකීත් එක්ක අපි මේඝව වාහනේට දාගත්තා.

" ඇයි මෙච්චර ලේ යන්නෙ එච්චර ලොකු තුවාලයක් නෙවෙයිනෙ..." මන් ඇහුවෙ කිසිම පණක් නැති ගානට සීට් එකට වැටිලා ඉන්න මේඝ දිහා බලාගෙන.

" අද දවස එච්චර හරි නෑ.....පරක්කු වෙන්න බෑ අපි යමු."  රොකී කලු වුණ අහස දිහා බලන් කියද්දි මට මතක් වුණේ රෂේන් කල අනතුරු ඇඟවීම.
චන්ද්‍ර ග්‍රහණයක්....ලේ හැලුනොත් මාරාන්තිකයි....

" අද චන්ද්‍ර ග්‍රහණයක් වෙනවද..." මම ඇහුවෙ රොකී වාහෙනේ ගෙදරක් ගාවින් නවත්තලා බහින්න සීට් බෙල්ට් එක ගලවන්න හදද්දි. ඒකට කිසිම උත්තරයක් නොදුන්න එයා බැහැලා ගිහින් ගෙදර බෙල් එක ගැහුවා. එලියට ආවෙ සාමාන්‍යයෙන් අවුරුදු හතලිහක පනහක විතර පිරිමි කෙනෙක්.හැබැයි මෙහෙ කෙනෙක්ට වඩා එයාට තිබුණේ තනිකරම ආසියාතික පෙනුමක්. සමහරවිට ඉන්දියන් හරි ලංකාවෙ හරි....මගෙ අනුමානෙ හරිගියේ ඒ කෙනා රොකී එක්ක සිංහලෙන් කතා කරන්න ගද්දි.

" මේ ඩොක්ටර් රෝහන්...ඉස්සර ඉදන්ම මේඝව බැලුවෙ මෙයා...."  රොකී මට අමුත්තව අඳුන්වල දුන්නෙ මේඝව ඇඳක හාන්සි කරවන ගමන්.

" ඩොක්ටර්  රෝහන්.....මේ මේඝගෙ...

" මේඝගෙ හස්බන්ඩ්...am I correct...."
රොකීට කලින් ඉස්සර වුණ රෝහන් හිනාවෙලා අහද්දි මම ඔලුව වැනුවා.

" කොහොමද දැන ගත්තෙ...." රොකී මේඝගෙ ඩොක්ටර් දිහාවට හැරිලා හිනාවෙවීම ඇහුවා.

" Your necklace.....ඒක කැම්බියන්ස්ලාගෙ පුරුද්දක්....."

" මට තේරුණේ නෑ....." මම ඇහුවෙ ටිකක් පුදුමෙන් ඇත්තටම මට එයා මගෙ මාලෙ පෙන්නලා කියපු දේවල් හරියට තේරුම් ගන්න අමාරු වුණා.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now