○● 26 ○●

1.9K 330 37
                                    

.
.
.
.

"ඒ....ලයිසන් එක ගෙදරනෙ...."

ඒ වචන  ඇහෙනවත් එක්ක මගෙ කන් දෙකත් එක්ක රත් වෙලා ගියා. මේඝත් කරකියා ගන්න දෙයක් නැතුව පොලිස් ට්‍රැෆික් සාජන් දිහා බලන් ඉද්දි ලියපු දඩ කොලේ ගෙනත් සාජන් මගෙ අතටම දුන්නෙ දඩෙත් ළඟම පොලිසියට ගෙවාගෙන යන්න කියන ගමන්.

" ඕක ළඟම ස්ටේශන් එකට ගෙවාගෙන යන්න..."

මේඝගෙ ඇස් දඩ කොලෙටයි මගෙ මූණටයි මාරුවෙන් මාරුවට ගියේ ඊළඟට කියන්න හදන දේ මට ඉවෙන් වගේ තේරෙද්දි.

" මගෙ මූණ දිහා බලන් ඉන්න නෙමෙයි මේක ගෙවනවා...."

" බබා...මේ...පර්ස් එක..........

" ඒකත් දාලා ආවා කියල නම් කියන්න එපා......."

" ම්හුක්....අමතක වුණානෙ.....

.
.
.
.
.
.
.
.

මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටුණ සොච්චම් පඩියම දඩ කොලේට පූජ කරලා
කොළඹට එද්දි අන්තිමට හිඟන්නෙක්ටත් වඩා අන්ත තත්වෙකට මන් වැටිලා හිටියා.
වග කියන්න ඕනි පාර්ශවේ පොලිසියට අහු වුණ වෙලේ ඉදන් මීක් නෑ..... වාහනෙත් මටම දීලා මේඝ ගෙදරට එනකම්ම කලේ නිදාගත්ත එක.

" කෝ මේඝ....."

" එයාට නින්ද ගිහින් තාත්තෙ මන් ඇහැරෙව්වෙ නෑ......"

තද නින්දක හිටිය මගෙ හිතුවක්කාරයව අරවන්න ලෝභ හිතුන මන් වාහනේම එයාට නිදා ගන්න ඇරලා මගේ තාත්තාව
බලන්න ඔෆිස් එක ඇතුලට ගියා.
පුංචි කාලෙ ඉදන්ම මගෙ තාත්තා ගෙදරටත් වඩා හිටිය කොළඹ අව් කාශ්ටකේට කරවෙන බිල්ඩින් අස්සෙ. ඇත්තටම මට ඒ ජීවිතේ දැකලම එපා වෙලාද කොහෙද හද්ද ඩොටේ රස්සාවකට ගියේ.
රිසෙප්ෂන් එකෙත් විනාඩි දහයක් විතර ඉදපු මන් තාත්තාගෙ කැබින් එකට යද්දි
එසී එකේ හිටියත් මහන්සියට හෙම්බත් වුණ ඇස් මන් දිහා බලලා හිනා වුණා.

" මන් හිතනවා ඔයා මේ ගැන මේඝත් එක්ක කතා කරන්න ඇති කියලා....එයා කැමැත්තෙන් තමයි සී.යී.ඕ.  පෝස්ට් එක ඔයාට දෙන්න කිව්වෙ....."

" තාත්තෙ...ම..මන්....එච්චර ලොකු වගකීමක්...."

" මේඝ ඔයත් එක්ක ඉන්නවා.....මන් හිතුවෙ එයාට ජෙනරල් මැනේජර් පෝස්ට් එක දෙන්න...මොකද ෆිනෑස් පැත්තට ටිකක් තද පාලනයක් ඕනි.....මට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මේඝ විතරයි.... මගෙ වටිනම වස්තු දෙකක් එයාට භාර දෙන්නෙ ඒ විශ්වාසෙ උඩ......."

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Kde žijí příběhy. Začni objevovat