●○ 11 ●○

2.6K 392 44
                                    

බඩගින්නටත් වඩා හිතේගින්දර ඇවිලෙද්දි පිඟානෙ තිබුන කෑම දිහා මන් බලන් හිටියා ඇරෙන්න ඒවා බඩට යන පාටක් තිබුනෙ නෑ...
එයා මට කැමතිද....මට ආදරෙයිද.....
ඇයි අර පොත හැංගුවෙ....ඔලුව අස්සෙ එකම ප්‍රශ්න පත්තරයක්...
එහෙමත් නැත්තම් ඒකත් මන් දැකපු හීනයක්ද....ඒත් ඒ වෙලාවෙදි මන් හිටියෙ හොඳ සිහියෙන් කියලා හොඳටම විශ්වාසයි....

" යුගාන්....අතගගා ඉන්නෙ නැතුව කන්න ළමයො...ඔයා දවල්ට කෑවෙත් නෑ...."

වචන ගොලු වෙලා...මන් කලේ එකදිගටම එයා දිහා බලන් ඉදපු එක...
එක පැත්තකින් හිත මේක මන් කලින් බලාපොරොත්තු වුණ දෙයක් නේද අහද්දි මොළේ කොහෙත්ම ඒක බාරගන්නෙ නැතුව පැත්තකට කරේ මාව අන්තෙටම අසරණ කරලා.

" අසනීපෙන්ද....."

" න්..නෑ..."

පුටුවෙන් නැගිටපු එයා මගෙ නලලට අත තියනවත් එක්ක මං පුටුවෙ පිටිපස්සට වුණේ එයා නොහිතපු විදිහට...

" මන් අපෙ එපාර්මන්ට් එකට යන්නද...."

හිතෙ තියන ප්‍රශ්න වලින් නිදහස් වෙනවටත් වඩා මන් කලේ ප්‍රශ්න වලින් පැනලා යන්න හදපු එක...
එයාගේ මූණෙ තිබුන හැඟීම් මැලවිලා යද්දි ඒ ගෙවුණ විනාඩි ගානම මන් දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්.

"ඔයාගෙ කැමත්තක්..."

ඒත් මන් බලාපොරොත්තු වුණේ ඒ වගේ උත්තරතයක් නෙවෙයි....ආදරේ නම් යන්න එපා ඉන්න කියන්නවත් තිබ්බානෙ....පොඩි හරි කැමත්තක් තිබ්බනම් ඇයි යන්නෙ කියලා අහන්න තිබ්බනෙ....ඒ මුකුත්ම නැතුව එයා පාඩුවෙ කෑම ගත්තා.

ඊයෙ වුණ දෙයින් පස්සෙ හරියට නිකන් එයත් එක්ක අවුරුදු ගානක් යාලුවෙලා ඉඳලා එක වචනයක් නිසා තරහ වුණ ගානට දැනෙද්දි මන් ජැකට් එක අතට ගන්න ගමන් කෑම මේසෙන් නැගිට්ටා.

" යුගාන්....ඔයාගෙ කෑම එක...."

" මට එපා...."

පිඟානෙ එහෙම්මම ඉතුරු වුණ කෑම එක
තියෙද්දිම මන් එලියට බැස්සෙ එයා මුකුත්ම නොකියා බලන් ඉද්දි....

.
.
.
.
.
.
.
.
.

හිම වැටෙන එක ටිකක් අඩු වෙලා තිබුණත් සීතලනම් තාමත් එහෙම්මමයි..
ගල් අල්ලලා තිබුන පොඩි අඩිපාර වැටිලා තිබුණෙ ප්‍රධාන පාරකට...එතනින් එහාටත් උස ගොඩනැගිලි එක්ක සාමාන්‍ය කාර්යබහුල නගරයක්....වෝකින් පාත් එක දිගේ ඇවිදන් ආපු මට අමුත්තක් දැනුනෙ අලුපාට ලොකු බිල්ඩින් එක දකිද්දි.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now