අමාවක කෙම්මුරක් ගෙවුනට පස්සෙ හැමදෙයක්ම ආයෙත් සාමකාමී වුණත් උදේම කුස්සියෙන් ඇහුණ කාලගෝට්ටියත් එක්ක නම් සාමකාමී බව පෑලියගොඩ දොරෙන් දිව්වා.
" කොල්ලෙක් කියලා එකෙක් හැදුවා....ඌ යනවා රට රාජ්‍ය වල ඇවිදින්න....හොටු පෙරන් නැතුව කපපන් ඔය ටික....."
" ම්හුම්....තාත්තෙ....හ්...."
" ඔය ටික කපලා පොල් ටික ගාලා දෙනවා..තාත්තායි අප්පච්චියි උන්නද මාලාද නෑ උඹලට.....ආ....අර අප්පච්චි තනියෙන් නැහීගෙන මේවා බලන්න ඕන.....උඹට මන් කට කැඩෙනකන් කිව්වා මෙහෙ ඉදපන් කියලා....මන් ඔය උඹෙ බාප්පා කියන එකාව අහුවෙනකම් ඉන්නෙ දෙකක්
කතා කරන්න....."ඇඳේ බිත්තිය කොනට පෙරලිලා ගිහින් නිදන් උන්න දෝනිගෙ පිටට හීමීට තට්ටු කරන ගමන් මන් දෙන්නගෙ වලිය අහන් හිටියා. අවුරුදු ගානකින් ගෙදර ආවෙ නැති එකටත් එක්ක තාත්තා මේඝව අල්ලගෙන.
පව්.....මගෙ හබියා...ඒ අස්සේ මාමණ්ඩිය මේඝ ලව්වා උයවගන්නවද කොහෙද....
ඒ වගේ අවස්ථාවක් බලන්නම වටින නිසා මන් නිදන් උන්න දෝනි වටේට කොට්ට තියලා ඇදෙන් බැහැලා ගිහින් හොර පූසා වගේ කුස්සියට එබුනා....මගෙ වෙලාවට මාමණ්ඩියත් මන් දිහා බැලුවා බැලිල්ලක් ඔරවලා....නැන්දම්මා ලේලි වගේ මාමණ්ඩි බෑනා වලියකුත් යයිදෝ මන්දා...හුහ් මන් නෙවෙයිනෙ ඉතින් එයාගෙ පුතණ්ඩියව රට තියන් හිටියෙ ඌ නෙ මාවත් ඇදන් ගියෙ." තාත්තාට ගමේ ලස්සනම බෑණාව මන් ගෙනත් දුන්නනෙ....ඒ මදිද ඉතින්..."
මේඝගෙ කටහඬ ඇඩෙන්න වගේ...මේකා හොටු පෙරාගෙන ලූණු කපනවා...ඇස් දෙකත් එක්ක රතු වෙලා කදුළුත් සට සට ගාලා කම්මුල් දිගේ බේරෙනවා. මන් ගිහින්
එයා කපන බී ලූණු ගෙඩිය අරන් කපන්න ගනිද්දි මේඝ කඳුලු වලට පෙගුන කම්මුල් කමිස කරෙන් පිහද ගත්තා." යුගාන් ඔය අපේ හරකට කියලා පොල් ටිකක් ගාව ගන්න......"
අපි දෙන්නම ඇඳේ නැති තැන දෝනි ඇහැරිලා අඬන්න ගනිද්දි අපි දෙන්නවම කුස්සියෙන් නවත්තපු තාත්තා දෝනිව බලන්න ගියේ සුවහසක් දෙමාපියන්ගෙ උදාර වාක්‍යත් කියාගෙන. ' උඹව හැදුවට වඩා හොඳයි හරකෙක් හැදුවනම් ගොම ටිකක් හරි ගන්නවා..'
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡