" රතුම රතු ඇස් උල්ම උල් දත් තියෙන යකාට මොකද වුණේ ඉතින්....."
මේඝගෙ පපුව උඩ නින්ද ගිහින් හිටපු දෝනිගෙ ඔලුව අතගාගෙනම මන් මේඝගෙ පපුවෙන් හාදුවක් තිබ්බෙ අතරමැද නැවතුන කතාවෙ ඉතුරු ටික අහන්න හිතන් එයාලා දෙන්න ළඟින්ම ඇලවුණා. මන් දිහා බලන් හිටපු මේඝට ගියේ සෙල්ලක්කාර හිනාවක්.
" ඒ අහිංසක යකා අන්තිමට මෝඩ මනුස්සයෙක්ට ආදරේ කලා.....මේ පේනවනෙ දැන්...."
මේඝ කිව්වෙ පපුව උඩ නිදන් ඉන්න බබාව ඇස් වලින් පෙන්නලා." කතාව වෙනස් වෙන්න ඕනි....ඒ අහිංසක මනුස්සය මෝඩ යකෙක්ට ආදරේ කලා.."
" කොච්චර මෝඩද කියනවනම් අර මනුස්සයා හැමදාම එළවලු තම්බලා මඩෝලා ඊටපස්සෙ බොරුවට උස්සන් එන
කෑම එකටත් රැවටෙනවා....""ආදරේටනෙ..."
" ඔයා හැමදාම ඔහොමයි....ඉස්සර නම් රෙක්සිය හිටිය එළවලු කවන්න දැන් ඌත් නෑ...."
කතාව පැත්තකින් තියලා මට අහන්න වුණේ මේඝගෙ එළවලු සම්බන්ධ දුක් ගැනවිලි. ඒ අස්සෙ මගෙ හිත දිව්වෙ තාත්තා මොනවගේ දේකට කතා කරන්න ඇතිද කියලා. මට මතකයි දවස් ගානකට උඩදි ෆෝන් එකට ආව ඊමේල් ටික.
තාත්තාගෙ ඔෆිස් එක මටත් අයියටත් ලියවුණත් ඒක ගැන තනියම බලන්න වුණේ අයියට නිසාම මට අනවශ්‍ය කරදරයක් කරන්න අකමැති කමෙන් මොනවමහරි දෙයක් නොකියා ඉන්නවද කියලත් හිතුණා." තාත්තා මොනවද මේඝ ඔයාට කිව්වෙ..."
" ශෙයාස් වල ලොකු අවුලක් ගිහින්ලු. යොමාල් ඒ ගැන ඔයාට කිව්වෙ නැද්ද...."
සෑහෙන වෙලාවක් කල්පනාවක හිටපු මේඝ ඇහුවෙ නලල රැලි කරගෙන." නැහැ මට ඔය කතාව ඩිරෙක්ටර් බෝඩ් එකෙන් එවලා තියෙන්නෙ..." මන් එකටම ආයෙත් සැරයක් ආව ඊමේල් ටික එකින් එක බැලුවෙ හිතෙ ඇතිවුණ නොසසුන්තාවයත් එක්ක. එක්කො චෙයාමන්ලා අතර ගිය ආරවුලක් එහෙමත්
නැත්නම් ඩිරෙක්ටර් බෝර්ඩ් එකෙන් අයියට විරුද්ධව කරන දෙයක්ද කියල මට හිතා ගන්න බැරි වුණා." ශෙයාර්ස් එස්ජේන්ජ් එකකට ඔයාගෙයි
යොමාල්ගෙයි අත්සන් ගිහින්ලු.....මම දන්නෑ මටත් කිව්වෙ ඔයාගෙ තාත්තා.
මට තියෙන අවුල කොහෙන්ද ඔයාගෙ අත්සන ගියේ..."
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡