●○ 43 ●○

1.2K 211 13
                                    

" යුගාන්....!! "

"යුගාන්....වස්තුව..."

අතරින් පතර ඇහෙන මේඝගෙ කටහඬත් මූණට වැටුණ සුදු එලියත් එක්ක මන් අමාරුවෙන් ඇස් ඇරගත්තා.මිනිත්තු ගානකදි ලයිට් එලියට ඇස් හුරුවෙද්දි මන් හිටියේ තාමත් ඇඳ උඩ....එතකොට අර පෙනුන දේවල් වීරූපි සතා මගෙ දරුවා....

මේඝ වගේම තාත්තා අප්පච්චිත් ඇහැරලා මන් ළඟ ඉද්දි මන් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා ඇඳෙ බිත්තිය අයිනට එබුනා. එයා ඉන්නවා......දෝනි එයාගෙ ටෙඩියෙකුත් තුරුල් කරගෙනම නිදි....
ඒක හීනයක් කියලා දැනෙද්දි මගෙ ඇඟට යන්තම් ලේ ටිකක් උනන්න ගත්තා. මේඝ අතේ තිබුණ වතුර වීදුරුව එක හුස්මට මන් ඉවර කරලා දාද්දි මේඝ මගෙ දාඩියට තෙත් වුණ මුලු මූණම පිට අත්ලෙන් පිහ දැම්මෙ තාත්තා දිහා අමුතු විදිහට නලල රැලි කරලා බලන ගමන්.

" මොනවද ඔයා දැක්කේ....."  තාත්තාට මගෙන් දැකපු දේවල් දැනගන්න ඕන වුණත් මන් හිටියේ කතා කරගන්නවත් පණක් නැතිව. තවමත් ඒ දැකපු දේවල් වලට මගෙ ඔලුව පුපුරු ගහන තරම්.

" ඒක ගැන හෙට උදේට කතා කරමු.....
මැණික දැන් නිදාගන්න...."  මේඝ මාව හෙමීට පපුවට තුරුලු කරගෙන ඔලුව අතගාන්න ගත්තෙ දැන් කරදර කරන්න එපා කියලා නොකියා කියන ගමන්. ඒත් ඊට ඉස්සර වුණ තාත්තා මන් ගාවින්ම ඉඳ ගත්තා.

" නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් ගහලා කඩන තැනට ගන්න එපා.....යුගාන් මොනවද දැක්කේ.....කියන්න....."   තාත්තා කියන්න කියලා බර කරලම කියද්දි මන් ගොත ගගහාම හීනෙන් දැකපු හැම දෙයක්ම කියනකොට මන් බලාගෙන එයාලගෙ මූණූ වල කුතුහලය සැකය බය කියන ඔය හැම හැඟීමක්ම පිට දානවා.

" කොඩිවිනයක්..."   තාත්තාගෙ කටින් ඒ වචනෙ පිටවෙනවත් එක්ක මන් මේඝ දිහා බැලුවා. එයා තාමත් නලල රැලි කරන් අහස පොළව ගැටගහන්න තරම් කල්පනාවක. කොඩිවින ගැන ඔය එහෙන් මෙහෙන් අහපුවා ඇරෙන්න මෙලෝ මල් දානයක් දන්නෙ නැති මාත් දහ අතේ කල්පනා කරලා අන්තිමට තාත්තා වගේම අප්පච්චි කාමරෙන් යද්දි මන් බයටම මේඝගෙ තුරුලට රිංගුවා. මට ආයෙ නිදා ගන්න පවා බය හිතුනා...මොන විකාර පේයිද කියලම.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now