○● 53 ○●

1.1K 209 13
                                    

Mega's pov

" එයා ඉන්නවද......එයා ඉන්නවද....
කියපන් මට.....ම...මගෙ යුගාන් ඉන්නවද "

" තුවාලෙ පෑරෙයි දඟලන් නැතුව ඉදපන් "

මන් රොකීව හොලව හොලව ඇහුවත් ඌ නෙමෙයි යුගාන් ගැන වචනයක් කිව්වෙ තුවාලෙ පෑරෙයි කිය කිය ඌ මන් අහපු දේ මග ඇරියා.
එක්කො ඌ මොනවා කියන්නද යුගාන්ව මගෙ ඇස් පනා පිටම නැතිවෙද්දි

දිනෙත් පවා ආවා..... එයා නෙමෙයි වෙනදා වගේ මා එක්ක වචනයක්වත් කතා කලේ තියා බැලුවෙවත්.
බෙල්ලෙන් පහළ මගෙ මුලු සර්වාංගෙම බෙහෙත් වතුරෙ ගිලිලා තිබුණා....මන් දන්නෑ දවස් කීයක් මෙහෙම උන්නද කියලා
සිහිය තිබ්බත් උන්නෙ මළ මිනියක් ගානට.
කිණිසි පාරට යටි බඩේ තුවාලෙ එන්න එන්නම ඔඩු දිව්වා ඇරෙන්න සනීපයක් නම් තිබ්බෙ නෑ....ඒත් පුදුමයි තාමත් මන් හුස්ම අල්ලගෙන ඉන්නවා. මන්ත්‍ර බල පොවපු රිදී කිණිස්සක් කියන්නෙම අපිට මරණීය ආයුධයක් වෙද්දි රෂේන්ගෙ අතින් වුණේ සුලුපටු තුවාලයක් නෙවෙයි. එදා රේචල් නොහිටින්න රෂෙන් තියා මමවත් ඉතුරු වෙන එකක් නෑ.

ඇගේ තිබ්බ විස පිට වුණේම ඉවරයක් නැති ලේ වමනෙත් එක්ක වෙද්දි සැරින් සැරේටම කලු පාටට යන ලේ දැකලම මට කලාන්තෙට ආවා. තව විස පැතිරුණොත් තව දවසක්වත් මගෙ හුස්ම තියේවිද මන්දා.

දිනෙත් අප්පච්චි දුන්න මොනවහරි බෙහෙතක් ගලේ අඹරනවා....ආයෙත් තෙල් බේරෙන පොට්ටනියකින් තෙල් අරගන්නවා....ඉඳහිටක මා දිහා හැරිලා බැලුවත් ඒ ඇස් වල තිබ්බෙ උඹට උඹේ එකාවත් අඩුම පරිස්සම් කරන්න බැරි වුණා කියන හැඟීමක්.
ගලෙන් හදාපු බෙහෙත් ඔරුවෙන් හෙමීට එලියට ආවා මන් ඉනට ඇලුන තෙත රෙද්දට උඩින් තව කපු රෙද්දට පටලව ගත්තා. මේ කී වෙනි දවසද....දවස් පහක්ද හයක්ද බෑ තවත් බෑ....ජීවතුන් අතර ඉදියා හෝ නැතා යුගාන්ව හොයාගන්නවා කියන තීරණෙ එක්ක මන් කෙලින් හිට ගත්තා.....ඇඟ ඇතුලෙන් ලෝදිය ගලනවා හා සමානව දැවිල්ලයි.....හිතේ හයිය මිසක් ගතේ හයියක් නැතිම තරම්....
අර්ධ අමනුස්ස බාගෙ කිණිස්සෙ විසත් එක්ක අඩපණ වීගෙන යද්දි මගෙ මනුස්ස බාගෙ නොමැරී පණ ඇද්දා.

" මේඝ.....! ඔයා වැටෙයි...බලාගෙන....

දවස් පහට හයට දර හැවක් වගේ උන්න මාව දිනෙත් කියලා කටගන්නත් ඉස්සෙල්ලා වාරු නැති කකුල් එක්ක ඇදන්
වැටෙද්දි බෙහෙත් ඇඹරිල්ලත් දාලා මන් ගාවට ආව දිනෙත් අමාරුකම් නොබලම උගෙ මිනිහට වගේ මට ඔලුවට එකක් ඇන්නා.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now