Yugan's pov
රතු පාටට ගිනි දැල් දාගෙන ඇවිලෙන ගල් උඳුනෙ පාමුල බිම මම රස්නෙට ඉඳ ගත්තෙ එයා හදලා දුන්න උණු කෝපි එකත් රස බලන ගමන්...එයාගෙ බව්වා රෙක්සිත් මට හේත්තුවක් දාන ගමන් බිම පෙරලුණේ සෝෆාවෙ වාඩිවෙලා හිටිය මැක්ස් දිහා ඉස්සිලා බලන ගමන්...
" එයා ඔය බඩ අතගාන්න කියන්නෙ...."
මැක්ස් බල බල හිටපු පොතේ පිටුවක් පෙරලන ගමන් කිව්වෙ හිනාවෙවීම කෝපි එකෙන් උගුරකුත් බොන ගමන්. රෙක්සිගෙ මවිල් පිරුණු බඩ අතාගාද්දි ඒකා දිවත් එලියට දාගෙනම සනීපෙටම ඇස් පියාගත්තා.
සතියෙ දවසක් වුණත් ඊයෙ පටන් ගත්ත
හිම කුණාටුව තාමත් අඩුවක් නැතිව තියෙද්දි මුලු පලාතක්ම හිම වලින් වැහිලා
ගිහින් කඩවල් පවා වහලා දාලා මිනිස්සු හිටියෙ ගෙවල් අස්සටම කොටු වෙලා...
තිබුනෙත් පුදුම සීතලක් හරියට අත් කකුල් වලට ඉදිකටු අනිනවා වගේ.එලිය තනිකරම ගහක් කොලයක්වත්
පේන්නෙ නැති තරම්....ජනේල් කවුළුවෙන් එලිය බලන් ඉඳලම එපා වුණ මන් හොරෙන් වගේ මැක්ස් දිහා බැලුවා...
භාවනාවක් වගේ එයාට තිබුනෙ හරි සියුම් අංග චලන...ඇඟිලි තුඩු වලින් පෙරලන පිටුවක් ගානෙම උඳුනෙ ගින්දර එලියට දිලිසෙන එයාගෙ ලා දම්පාට ඇස් හෙලවෙන හැටි මන් බලන්හිටියෙ වශී වෙලා හා සමානව....ඒ තරම් එයාට තිබුනෙ කෙනෙක්ව ඇබ්බැහි කරගන්න
පුලුවන් රූපයක්.
කැම්පස් එකේ කෙල්ලො නහින්න හදන්නෙ ඉතින් නිකන් නෙවෙයි....එයා හරියට ඇහින් රසවිඳලා ඉවරයක් කරන්න බැරි චිත්‍රයක් වගේ....එයාගෙ සීතල අතක් මගෙ කම්මුලේ නවතිනකම්ම එයා දිහා මන් පැය ගානක්
බලන් ඉන්න ඇති." බෙහෙත් බොන්න තියනවා...."
එයා කියනවත් එක්කම බෙහෙත් ටික අතට ගත්ත මන් තනියම බොන්න හැදුවෙ ඊයෙ රෑ රොකී කියපුවා මතක් වෙද්දි....
මතක් වෙද්දිත් බඩත් එක්ක කොර වෙලා යනවා....පිටින් ඉතින් මන් ඉන්නෙ උපාසක
අල්ට්‍රා ප්‍රෝමැක්ස් වගේ වුණාට අර තැඹිලි පාට ඇප් එකේ ටේකුක්ද ජිකුක්ද එක එක ශිප් කියෝලම අම්මටසිරි වෙන්නම පරිණත අන්තර්ගත ගැන හොඳ දැනුමක් තිබුනා." මන් පොවන්නද...."
" එ..එපා...එපා...මන් බොන්නම්..."
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡