○● 16 ○●

2.2K 398 98
                                    

" මේක මැක්ස් කාලෙක ඉඳන් ගහපු මාස්ටර් ප්ලෑනක් කියලා උඹ දැනගනිද්දි වයස කීයද බන්...."

දිනෙත් කිව්වෙ තේ මේසෙ ඉඳන් ඉන්න අපෙ අයියයි මැක්ස් දිහයි බලාගෙන.

" අද සප්‍රයිස් වුණා වැඩිද කොහෙද බන්..."

මන් නම් තාම හිටියෙ පෘථිවියෙන් පිට වෙනම ලෝකෙක.....එතකොට මෙච්චර කල්... මේඝ වෙන කවුරුත් නෙවෙයි මැක්ස්ම තමයි...අර පොතේ තිබ්බා වගේ එයා බාගයක් යකෙක්ද...මිනිහට හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ඒක තමා.

අර කාටුන් වල වගේ මගේ වටේ හොඳ එකයි නරක එකයි සුරදූතයොද මොක්කුද කැරකෙන්න ගත්තා. හොඳ එකා....ඔයා ආත්ම ගානක් ආදරේ කරපු කෙනා හම්බුනා කියලා සතුටට උඩ පනිද්දි  අං දෙකක් තියෙන නරක එකා...ආත්ම ගානක් ලව් කරාට වැඩක් නෑ සහෝ ඌ උඹට ගැහුවා මතකනෙ කියලා වටේ කැරකුනා.

ඔව් හැබැයි තාමත් වර්ජින් පිට ඉන්න ළමයටනෙ මේඝ ඔයා එදා ගැහුවෙ අර දිනෙතයාගෙ කුණු වැඩකට.....ඕවා නම් ලේසියෙන් අත අරින්න හොඳ නෑ....ඇරත් දැන් ඇවිල්ලම කොච්චර වෙලාද මාත් එක්ක එක වචනයක් කතා කලේ නෑ......
හ්ම්....හ්ම්....කමක් නෑ ඉස්සර කැලෑ වැදුණ යක්කු වුණාට දැන් ප්‍රොෆෙෂනල් අයිඩියල් ජෙන්ටල්මන්ලනෙ....
හැබැයි ගෑස් දාන්න ආවොත් නම් හනිමූන් එක යවන්නෙ කසාද රෙජිස්ටාර් එක්ක...

" මේහ්....උඹලගෙ ඒජ් ගැප් එක වැඩි නැද්ද බන්....කලින්ම උඹ වැන්දඹු වෙන සීන් එකක් තියෙන්නෙ.. "

ඒ පාර තව ප්‍රශ්නයක්....අවුරුදු හතලිස් අටක් කිව්වා නේද  අපෙ තාත්තටත් තාම පනස් ගානක්....

අයියත් එක්ක කදේ දාන් ඉන්න මේඝ දිහා මන් බෙල්ල හරෝලම බලන් හිටියා...
එච්චර වයසයි කියලා හිතන්නවත් බෑ...
වැලමිට ළඟින් නමලා උඩ බොත්තම් දෙක ඇරලා තිබුන කලු ශර්ට් එකට එයාගෙ පපුවෙ බාගයක්ම කැපිලා පේද්දි මට ඉබේටම කෙල ගිලුණා.

" ඔයාලටත් තේ හදලා එන්න...."

සාලෙට වෙලා හොර ගල් අහුලපු දිනෙත්ටයි මටයි අම්මා කතා කරද්දි දිනෙතයා මාව මේඝ ළඟම පුටුවට තල්ලු කරලා එයා ගිහින් අයියා ළඟින් ඉඳ ගත්තා.

" මන් හිතුවෙ නෑ අපෙ මල්ලි මේඝගෙ student කෙනෙක් කියලා...."

" යුගාන් තමයි මගෙ favouriteම student..."

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now