ඇත්තටම ඇයි රොබරෝසියා මල් වලට තත්පර මල් කියන්නෙ.....
මන් තවමත් හිටියෙ මේඝගෙ අත් වලට මැදි වෙලා....මගෙ උරහිසට උඩින් පෙරලන පිටුවක් ගානෙම එයත් පොත කියවන්න ගත්තා. ඉඳලා හිටලා පොඩි වලියක් ගියේ එයා මට වඩා ඉක්මනින් පිටුවක් කියවපු වෙලාවට. මන් කියවන්න පරක්කු වෙන හැම වතාවකම එයා කලේ උරහිසෙ දත් පාර වද්දපු එක. බතික් කරා වගේ ඇඟ පුරාම තියෙන කැලැල් දවසින් දවස එයා නිසා අලුත් වුණා මිසක මැකෙන පාටක් නම් තිබුනෙ නෑ.
" මේඝ....
" ම්......
" අපි ආයෙ මෙහෙ එන්නෙ නැද්ද......"
හරියටම තව සතියකින් වැකේශන් ඉවර වෙලා අලුත් කාර්තුවකට මල් පිපෙද්දි ආයෙත් නොඑන්නම කැනඩාවට යන එක ගැන සුභවාදී විදිහට දැක්කත් අම්මා තාත්තා අයියා ගැන මතක් වෙද්දි දැනුනෙ හරියට පපුව උඩින් ලොකු බරක් තිබ්බ ගානට.
" ඔයා කැමති ඕනිම වෙලාවක අපි මෙහෙ එමු.......දැන් ඉතින් මොකද ඔය මගෙ බූරු පැටියා මූණ නරක් කරන්...."
ආයෙත් බූරු පැටියලු...හෙට ඔෆිස් එක අස්සෙත් මේ මනුස්සය මට බූරු පැටිය කියලා කතා කලොත් අර මිනිස්සු ඉස්සරහ මගෙ සී.යී.ඕ පට්ටමත් හේදෙනවා.
" මේහ්....ඒයි පොදු ස්ථාන වලදි බූරු පැටිය කියන්න එපා හොදේ......"
" අර මොකෝ....
" ඒක මගෙ තත්වෙට හරි නෑනෙ ඒයි...."
" තත්වෙ.....යමන්කො හෙට මන් තත්වෙ
බලන්න...."එයාගෙ උකුලට පැනලා හෙට දවස ගැන
දැවෙන සාකච්ඡාවක් කෙරීගෙන යද්දි අතින් අතින් හෙට ඔෆිස් එකේදි කෙල්ලො ඉස්සරහ තත්වෙ රැකගන්න එක ගැන මන් මනෝපාරක් ගැහුවා....ඒත් ඉතින් පොඩ්ඩ ඇත්නම් ඉරිසියාවෙ පුපුරන මගෙ වෙන්ඩ හබියා එක්ක ආසාවටවත් කෙල්ලෙක් එක්ක හිනා වෙන්න බැරි වෙයි..
ඊට පස්සේ සති දෙකක් විතර අර දිලිනි නංගි ගැන කිය කිය නැහුනා වගේ නහින්න හදයි. ඒ තරම් ඕකගෙ ඉරිසියාව..
ඇරත් චුට්ටක් මනුස්සයෙක් එක්ක හිනා වෙලා කතා කරාට මොකද වෙන්නෙ..." කෝ හුරතලේ ඇති....බහින්න දැන්...."
" මොකක්ද අයියෝ.....රෝමාන්තික වෙන්න
වෙන්න පටන් ගත්තා විතරයිනෙ.....
ESTÁS LEYENDO
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡