" ඇත්තටම මොකක්ද රෂේන්ට මගෙ අයියත් එක්ක තියන සම්බන්දයෙ...."
මන් ඇහුවෙ වාහෙනේ ඩ්‍රයිව් කරන ගමන් හිටිය රොකීගෙන්. ගෙදරට යන අතරමඟ මගෙ උකුල උඩම මේඝට තදටම නින්ද ගිහින් තිබුණා.
" මෙහෙමයි...ඔයාගෙ අයියයි මේඝයි ඉස්සර හොඳම යාලුවො කියලා ඔයා දන්නවා ඇතිනෙ....ඒ කාලෙ රෂේන්ලත් හිටියෙ ලංකාවෙ ඔය තුන්දෙනාම ගියෙ එකම ඉස්කෝලෙට. මට මතක විදියට ඔය සීන් එක වුණේ ප්‍රයිමරි ක්ලාස් වලදි...යොමාල් රෂේන්ගෙත් යාලුවා ඒ වුණාට ගොඩක්ම කැමති එයා මේඝට. ඔන්න ඕකට රෂේන් යොමාල් එක්ක රණ්ඩු වෙලා රෂේන් කොහොමත් මේඝ එක්ක ඉන්නෙ තරහින්නෙ...මිනිහා ඒ තරහත් අල්ලලා යොමාල්ව දවසක් ඉස්සකොලේ බිල්ඩින් එකක් උඩින් තල්ලු කරලා. මොකක්දෝ වාසනාවකට ඔයාගෙ අයියා එදා මැරෙන් නැතුව බේරුණා....."
" මගෙ අයියා අවුරුදු ගානක් විදෙව්වෙ අර නරුමයා හින්දද..." පපුව හිර වේගෙන එන වේදනාවක් එක්ක මන් සීට් එකට ඔලුව ගහගත්තෙ රොකී දිගටම වුණ දේවල් කියද්දි.
" මේඝ බැහැයි එදා ඔය සිද්ධිය ඇස් දෙකටම දැක්කා. පොඩි කාලෙනෙ එයා බයට කාටවත්ම ඒක කියලා නෑ. එතකොට මිස්ටර් දුෂ්මන්ත මේඝගෙ බාප්පා රෂේන්ව වැරැද්දෙන් බේරගන්න මෙහෙට එක්කන් ආවා. එයා කොහොම හරි දැනගෙන මේඝ මොනවම හරි මේ ගැන දන්නවා කියලා. පොඩි කාලෙම මේඝව උගන්නන්න කියලා මෙහෙට එක්කන් ආවෙ වෙන මොකටවත් නෙවෙයි එයාගෙ පුතාව බේරගන්න. ඇරත් දුෂ්මන්ත් දන්නවා උපන් බිමෙන් මුහුදු හතක් එහා මේඝගෙ බලය අඩුයි කියලත් මේඝ එදා ඉදන් හිටියෙ ඔය අමු අපායෙ. ඔය අස්සෙ නිධාන් පලහිලව්වත් පත්තු වුණාම මූට පිස්සු හැදෙන්නෙ නැතුව බේරුණා ඇති. "
ආත්ම ගානක් පන්නන වෛරයක් හින්ද අපි හැම අතින්ම දුක් විදිනවා. විශේෂයෙන් මගෙ මේඝ. මට දැනුනෙ මේ හැම දෙයක්ම මම නිසා වුණ දේවල් වගේ....හරි මහන්සී ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දි එපා ඔය ඇති කියලා පැනලා යන්නත් බෑ ඒත් මුහුණ ඒවට මුහුණ දෙන්න හිතකුත් නෑ. මන් හිමින් මේඝට ඇහැරෙන්නෙ නැති ගානට එයාගෙ ඔලුව අත ගෑවා. යකෙක් වුණත් එයා සාධාරණ කාටවත් අහිතක් නැති අහිංසකයෙක්. සාමාන්‍ය මිනිස්සු වගේම එයත් හෙව්වෙ ආදරේ....
ඇත්තටම මට ඕනි වුණා මේ හැම දෙයක්ම අතඇරලා අපි දැන්ම වුණත් ඈතකට යන්න යමු මේඝ කියන්න.
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡