○● 6 ●○

2.4K 442 44
                                    

Yugan's pov

" හැම ජීවියෙක්ගෙම ශරීර වල පොඩි හරි රේඩියේශන් එකක් තියෙනවා...මේ දේ තමයි කාබන් කාල නිර්ණෙට ප්‍රධානම සාධකේ වෙන්නෙ....ඔයාලා කලින් ඇහුවනෙ ඇයි කාබන් වල වෙන සමස්ථානික තියෙද්දි කාබන් දාහතර විතරක් භාවිතා කරන්නෙ කියලා.... හේතුව තමයි මේ කාබන් දාහතරට විතරක් ආවේණික රේඩියේශන් එක...."

" එතකොට අපි ගන්න ඕනිම නියැඳියක
කාබන් දාහතර සීයයට පනහක් ක්ෂය වුණා කියන්නෙ අවුරුදු 5730 වයසයි කියන එකද...."

"දැනට ගණනය කරලා හොයාගෙන තියෙන්නෙ එහෙම.....සමහරවිට අනාගතයෙ වෙනස් වෙන්න වුණත් පුලුවන්..."

ඒ කටහඬ තනිකරම භාවනාවක්....පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්....ඒත් වෙන්ඩ මහාචාර්ය උත්තමාවියො මැද්දෙන් පැන පැන ප්‍රශ්න අහද්දි නම් පණ පිටින්ම පුරාවස්තු කරලා වලලන්න හිතුනා.

දවසින් දවස එයාව දකින්න තියන ආසාවටම ලෙක්චර්ස් පවා වරද්දන්නෙ නැතුව මන් ආවා....ඒක ඇත්තටම මොනවගේ ආකර්ෂණයක්ද......නිකම්ම කැමැත්තක්ද....මන් මගෙන්ම ප්‍රශ්න කලත් ඒවාට උත්තර බඳින්න බැරිව හිත පවා ගොලු වෙලා....

" අදට වෙලාව ඉවරයි....අපි ප්‍රැක්ටිකල් වලදි තව විස්තර කතාකරමු....එසයිමන්ට්
එක අද දවස ඇතුලත මට හැමෝම භාර දෙන්න...."

'අදට වෙලාව ඉවරයි'....එයාගෙ කටින් මන් අහන්න අකමැතිම වාක්‍ය....ආයෙත් හෙට හම්බ වෙනවා කියලා දන්නවා උනත් ඒ රූපෙ එක තත්පරේකටවත් මඟඇරෙනවට මන් ලෝභ වුණා...තවමත්
ඇහින් විතරක් දැකපු චරිතෙකට මන් වහ වැටිලා....දවස් දෙක තුන ගෙවෙද්දි පුස්තකාලෙට යන එක මට පුරුද්දකටත් වඩා ඇබ්බැහියක් වුණා....ඒ පොත් බලනවටත් වඩා එයාව බලන්න තිබුණ වුවමනාවට....

ගුප්ත නිහඬ චරිතයක්.....හැමදාම ඇන්දෙ තනි කලුවට....හැන්සම් කලු කුමාරයෙක්

මන් අතේ තියන් උන්න එසයිමන්ට් එක
රෝල් කරන ගමන්  එයා හිටිය මෙසේ ළඟට ඇවිදන් ගියා.... හැමෝම පෝලිමට තම තමන්ගෙ එසයිමන්ට් එක තියලා යද්දි මාත් මගෙ එක මේසෙ උඩින් තිබ්බෙ ඇස් කොනින් එයා දිහා බලාගෙන....ඒත් නොහිතපු වෙලාවක එයාගෙ ඇස් වගේම මගෙ ඇස් එකට හම්බුනේ ඒ ඇස් එකපාරම ගැස්සිලා යද්දි......

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang