○● 22 ○●

2.1K 367 44
                                    

කාපු ගුටිවල රගේ දැනෙන්නෙ ඉදගත්තහම....අහසේ නැති තරු රටා පවා මැවිලා පේනවා...

මන් හිටියේ ඇදේ මුනින් අතට පෙරලිලා නිකන් වත් අනිත් අතට පෙරලුනොත් තරු ගනින්න වෙයි කියලා බයට කොට්ට දෙකකුත් දෙපැත්තට තියාගෙන..

අම්මා තාත්තාගෙන්වත් ගුටිකෑවෙ මෙහෙම....ඉදපන්කො මේඝ වචනයක්වත් කතා කරන්නෙ නෑ මන්....අද අර ගිහින් එක්කන් ආපු බඩකඩිත්තුවම බැදගන්නවා

" ඒහ්.....මස්සිනා.....මොකෝ මේ ගෙම්බා පොළවෙ ගහලා වගේ..."

පිට මැද්දට වැදුණ පාරක් එක්ක මන් යන්නතන් ඔලුව උස්සල බැලුවා....කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා හිතාගන්න බෑ...මොකෙක් හරි..අඩුපාඩුවට ඇවිත් හිටියෙ මේඝගෙ බාප්පගෙ දූ පොඩ්ඩ...

මේඝ දවල් එයාපෝර්ට් එකට ගියෙත් මෙයාව එක්කන් එන්නලුනෙ....

මන් ගස්සලා වගේ අනිත් පැත්තට ඔලුව හරව ගත්තා..
හුහ්...ඕන් නෑ එකෙක්වත්....

" අපෙ අයියගෙන් සැරටම කෑවා කියලා ආරංචියි...."

" ඔව් ඔව් කෑවා....දුක සැප බැලුවනම් යනවද...."

මේඝත් එක්ක තිබ්බ කේන්තියට මට අහුවෙන්න කාවද ඒ හැම කෙනාටම බනින්න ගත්තා. කොටින්ම ගාන්න බෙහෙත් තෙලක් උස්සන් ආව රන්මුතුවටත් කොට්ට වලින්ම ගහලා පැන්නුවා. දිනෙතයා නම් හැටි දන්න හින්දද කොහෙ කාමරේ පැත්ත පලාතෙ ආවෙ නෑ...

" අපේ අයියා ඔහොම තමයි බ්‍රෝ....මිනිහට හිටපු ගමන් නප්පියටම තද වෙනවා...ඕවා එච්චර ගනන් ගන්න එපා මස්සිනා..."

මේකි නම් කියයි....මමනෙ ගුටි කලා විදවන්නෙ....
මන් රවාගෙන කොට්ටයක් අතට ගත්තෙ රන්මුතුට අත්වුණ ඉරණම මේඝගෙ නගාටත් අත් කරලා දෙන්න හිතාගෙන
ඒත් තාත්තා ආව නිසා එයා බේරුණා.

" පුතාට බත් කවන්නද...."

මේඝගෙ තාත්තා ඇවිත් බත් කවන්නද අහද්දි මන් ඇස්බෝල කරලා ඔලුව වැනුවත් බත් එක බෙදන් ආවෙ මේඝ වෙද්දි මන් ආයෙත් කලේ ගස්සලා අහක බලාගත්ත එක.

" කෝ...කනවා ඉතින්...."

"........

"යුගාන්....

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now