○● 13 ○●

2.2K 396 47
                                    

Yugan's pov

රණ්ඩුව සමතයකට පත් වෙලා දවස් පහක් ගෙවුනත් දිනෙත් නෙවෙයි රොකී දිහා හැරිලාවත් බැලුවෙ....හැබැයි එදායින් පස්සෙ මුලු කැම්පස් එකම දැන ගත්තා එයාලගෙ ලව් ස්ටෝරිය ගැන.

මේ දවස් පහට රොකී දිනෙත් ළඟ දණ ගහලා වැන්දෙ නැති ටික විතරයි....
එයා උදේ දවල් රෑ කට්ට කාගෙන එපාර්මන්ට් එකට ආවත් දිනෙත් නෙවේ එලියටවත් බැස්සෙ....හැමදාම රොකී පාරෙ බයික් එකට හේත්තු වෙලා බැල්කනිය දිහා බලන් හිටියෙ උන්මාද චිත්‍රා එක්ටැම්ගෙයින් එබෙනකම් බලන් ඉන්න දීඝගාමිණී කුමාරය වගේ....
දවස් ගෙවිලා යද්දි මොකද්දෝ ප්‍රාතිහාරෙකට චිත්‍රා දේවියගෙ හිත උණුවෙලාද කොහෙද යන්තම් එලියට බැහැලා රොකී එක්ක කතා කලා....

දැන් රොකීට තියෙන අලුත්ම ප්‍රශ්නෙ කොච්චරවත් කියවන දිනෙත්ගෙ කට වස්සන එක.

ගෙවුන දවස්ටික පුරාම මන් මැක්ස්ගෙ බැජ් එකේ ටොප් ටෙන් හීනෙ හැබෑ කරන්න මහන්සි වුණේ නිදිමරන් කන්නෙ බොන්නෙත් නැතුව... මොනව වුණත් ගුරු පඬුරුනෙ....දිසාපාමොක් ඇඳුරුතුමා අහිංසකගෙන් ඉල්ලුවා වගේ ඇඟිලි දාහක මාලයක් මගෙන් ඉල්ලුව නම් ඒත් සැපයි....

එක්සෑම් හෝල් එකට යද්දි මාව දාලා මොළේ පැනලා දුවද්දි පේලි අස්සෙ පිල්ලයක් වගේ කැරකෙන එක්සැමිනර්වත් මට හොල්මන් වගේ පේන්න ගත්තා....පාඩම් කරපුවාට මොකක් වුණාද නැති වෙද්දි තැනින් තැන හිස් වුණ උත්තර කොල දිහා බලන් මන් පෑන හපන්න ගත්තෙ පේපරේ හදපු මැක්ස්ගෙත් ජාතිය අමතන ගමන්....
මෙහෙම අපිව අනාත කරනවට කුණු වෙච්ච කොත්තුවක්වත් කවලා අසමෝදගම් බෝතලේ හංගන්න ඕනි එතකොට තේරෙයි

කොප්පක්වත් ගහන්න විදිහක් නැති හැටි
ඉස්සරහ එකා පේදුරුතුඩුවෙ පිටිපස්සෙ එකා දෙවුන්දරතුඩුවෙ...

දවස් දෙකකට පස්සෙ රිසාල්ට් දෙද්දි මන් කැම්පස් එකට ආවෙ පණ බයේ මැස්ක්ගෙන් පුලුවන් තරම් හැංගිලා.....
නෝටිස් බෝඩ් එක ළඟ කට්ටිය අඩු වෙනවත් එක්ක හොරාට ගිහින් මගෙ නම හෙව්වා.
මගෙ ඇස් එකපාරම නැවතුනේ දහවෙනියට තිබුන නම ගාව..... කියාගෝ....අර බොක් කට් කපපු චීනා ඒකා දහවෙනියනම් මන්....එයාට යටින් තිබුනෙ මගෙ නම......එකොළොස්වෙනියා.....
බඩු බනිස් අද නම් ලෙචාට අහු වුණෝත් පේපරේට ලියපුවා වමාරවයි....

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Donde viven las historias. Descúbrelo ahora