○● 52 ○●

1.1K 199 15
                                    

දෙන්නගෙන් එකෙක්ගෙ මරණෙ දකිනම් ගහ මරාගෙන හරි ප්‍රශ්නෙ විසඳනවා කියලා හිතන් එකාට එකා අතට අහුවෙන එකෙන් ගහ ගත්තත් විනාඩි ගානක් යද්දි මන් වගේම මේඝගෙ බාප්පා හිටියෙ හති ඇර ඇර.....හැට පැනලා ගෙදර හිටුකො මේ මිනිහා නිධානයක් පස්සෙ පන්නනවා.
එහෙන් මටත් හරි හමන් පණක් නෑ....

නාකියා....අම්මපා මූවත් ඔය කියන නිධානෙත් එක්කම වල දාන්න තිබ්බෙ.
දුෂ්මන්ත් උන්නෙ මගෙන් මුණට වැදුණ පාරටකට මුණ කට සමතලා කරන් ලේ පෙරන් වෙද්දි මාත් අරහෙන් මෙහෙන් වැදුණ පාරවල් එක්ක කොර ගහන්න ගත්තා. වයස බලන්නෙවත් නැතුව ගහ මාරගත්ත මන් වැටිලා උන්න දුෂ්මන්ත් දිහා ගලක් අතට මොලවන් බලන් හිටියා.

ජීවිත කාලෙම මේක අස්සෙ ඉන්න වුණොත් මේ නාකියා එක්ක මරාගන්න වෙයි.....මේ මඟුලෙ එලියට යන්න තැනකුත් නෑ....ඒ මදිලට ඇතුලට වැටුණ තැනක් දැන් පේන්නවත් නෑ.

කල්පනා කර කර උන්න මන් ආයෙත් මන් දිහාවට ආව දුෂ්මන්ත්ගෙ පාරකින් යන්තම් බෙරුණා වගේම මන් අත් දෙකෙන්ම ඒකගෙ බෙල්ල හිරකරගෙන හුණු ගල් බිත්තියකට ගහගෙන යද්දි ඒ අත් වලින් මගෙ හුස්මත් හිර කෙරුවා.
වටපිටේ වෙන්නෙ මොකක්ද කියන්නවත් සිහියක් නොතිබ්බ අපිට ඇහුණේ භූමිකම්පාවක් වගේ අපේ ඔලුවට උඩින් තිබුණ ගල් පතුරක්ම කඩාගෙන වැටෙන සද්දෙ එක්ක අපිව එකපාරම හුණුගල් තට්ටු පදාසයක්ම ගලවගෙන තවත් පහළකට වැටුණා.

පෙරලිලා ගිහින් මොහොක හරි මගෙ ඔලුව වැදුනත් එක්ක මන් යන්තම් කෙලින් වෙලා බැලුවෙ ලොකු අඳුරක් තිබුණත් රත්තරන් පාටට තරමක එලියක්.

පෙරලිලා ගිහින් මොහොක හරි මගෙ ඔලුව වැදුනත් එක්ක මන් යන්තම් කෙලින් වෙලා බැලුවෙ ලොකු අඳුරක් තිබුණත් රත්තරන් පාටට තරමක එලියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුරාවිද්‍යාව කරලා කැණීම් වලින් හොයා ගත්තටත් වඩා පුරාවිද්‍යා බඩු......මන් හිතන්නෙ මගෙ ජීවිත කාලෙටම දැක්ක ලොකුම රන් ආකාරයක්. ඒක දෘෂ්ටි මායාවක්ද කියලා හිතෙන තරමට මට අදහා ගන්න බැරිව බලාන ඉද්දි ගුටිත් කාලා උන්න දුෂ්මන්ත් කෑගහගෙනම ඒ ළඟට දුවනවා.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now