" ආ.......ව් රිදෙනවා මැට්ටො....." මගෙ නියපොත්තක් විදුරුමහෙ වැදුණ මේඝ අත්දෙකෙන්ම කට වහ ගෙන කෑගහන්න ගත්තා.
" ම්හුම් කෝ....එව්වා...." මන් හිටියෙ උදෙ පාන්දරම බාරදූර කාර්යයක. මේඝ ඉර එළිය වැටනවත් එක්කම ආයෙත් සාමාන්‍ය අතට හැරෙද්දි මන් එයාගෙ අතුරුදන් වුණ දත් දෙක හෙව්වා.
" මොනවද...."
" දත්...."
" ඊ...........මෙ තියෙන්නෙ දත්..."
" ඔව්වා නෙමෙ අනේ අර ඩ්රැකියුලෙක්ගෙ වගේ එව්වා...."
" පාඩුවෙ ඉන්න දෙන්නකෝ..... බහිනවා...."
එයාගෙ බඩ උඩ හිටපු මාව ඇදලා අරන් බස්සපු මේස ආයෙත් සෝෆාවෙ පිටිපස්සට හේත්තු වෙලා ඇස් පියා ගත්තා." හරි හරි ඔයාට දැන් මාව වදයක් නේද....ඇත්ත බැන්ඳට පස්සෙ මිනිස්සු වෙනස් වෙනවා....ඔයා හරියට වෙනස් වෙලා...."
මම නෝක්කාඩු කිය කිය කිචන් එකට යනවත් එක්ක සාලෙ මේසයක් උඩ තිබුන ෆෝන් එක රින්ස් වෙන්න ගත්තා...මන් බලාගෙන මේඝ එක ඇහැක් ඇරලා හොරෙන් බලන ගමන් ආයෙත් මුකුත් ඇහුනෙ නැති ගානට ඇස් පියා ගන්නවා.
" කන ඇහෙන්නෙ නැද්ද ඔයාගෙ...."
" ඇහෙනවා...."
" එහෙනම් ඔය කෝල් එක ගන්න මන් මෙතන වැඩක්නෙ ඔයාට පේනවනෙ...."
මන් කපන්න ගත්ත ලීක්ස් ගස් දෙක අතේ තියාගෙනම මේඝ දිහා බලන් හිටියා.....එයා නෙමෙ කොල් එක දිහා ඇහැක් ඇරලා බැලුවෙ....යසයි ඉදලා ඉදලා බැඳපු එකා....උයලා දුන්නම කන්නයි බුදියන්නයි.....රෑට රෑට අඩව් අල්ලනයි...ඔච්චර තමා පුලුවන්" මේඝ.....!!!! තමුසෙ ඕක ගන්නවද.....
" ආ....හැලෝ......ආ...ඔව් ඔව්...."
ශ්‍රී ලන්කන් සාම්ප්‍රදායික බිරිඳගෙ චරිතෙට බැස්ස මන් එළවලු කපන පිහිය උරුක් කරගෙන බොරුවට කේන්ති ගිය ගානට කෑගහනවත් එක්ක මේඝ විදුලි වේගෙන් ෆෝන් එක කනේ තියාගත්තා.
" ආ....ඔව් අම්මෙ පුත්‍ර රත්නය උදේට කෑම හදනවා....බැණනුවන් තර්ජන ගර්ජන මැද දිවි ගෙවනවා ඉතින්....
අම්මෝ....ඔව් සැරයිදත් අහනවා....
අම්මා මට දීලා තියෙන්නෙ පුංචි හිට්ලර් කෙනෙක්ගෙ.....ඒක තමයි..."
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡