තාවකාලිකව ලැබුණ කෞතුකාගාරෙ රැකියාවට සමුදෙන අදහසින් මන් රෙසිග්නේෂන් ඉස්සරහ ඉඳගෙන ඉන්න විධායක නිලධාරි තැනට දුන්නෙ මුහුණෙ මවා ගත්ත හිනාවකින්. හරියට රස්සාවෙන් කාගෙ හරි කීමකට අස්වෙලා යනවා වගේ. මොනවා කරන්නද ඉහළින් එන නියෝගනෙ.
" මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් අයින් වෙයි කියලා...."
ස්විස්ටර්ලන්ඩ් ජාතික විධායක නිලධාරි තැන හිනාවෙලා අහද්දි මන් කලේ තවත් විරිත්තලම හිනාවුණ එක." එයාගෙ තීරණේකට පිටින් යන්න බෑනෙ..."
" ඉතින් ඩිග්‍රියකුත් තියාගෙන ගෙදර ඉන්න එක අපරාදෙ නැද්ද යුගාන්...."
" ඔයාට බැයිද මගෙ හස්බන්ඩ්ට ඕක තේරුම් කරලා දෙන්න..." මන් ඉස්සරහට නැඹුරු වෙලා අහද්දි විධායක නිලධාරි තුමාගෙ ඇස් නලලට ගියේ ඉබේටමයි.
" මගෙ ජොබ් එකත් නැති කරන්නද හදන්නෙ...." මගෙ හස්බන්ඩ් කවුද කියන්න හොඳටම දන්න විධායක තැන අත් දෙකෙන්ම මූණ පිහදාන ගමන් හිනාවුණා. එයා මේඝගෙ යාලුවෙක්ලුනෙ.
" මන් හිතුවා යුගාන් අපිත් එක්ක හැලොවින් වෙනකම්වත් ඉදිවී කියලා....
ස්ටාෆ් එකේ අය නම් ඔයා යනවට කැමති වෙන එකක් නෑ...කමක් නෑ වෙලාවක් තිබුණොත් මේ පැත්තෙ ඇවිල්ලා යන්න....
ආ....මිස්ටර් නිශ්ශංකවත් මතක් කලා කියන්න...."" අනිවාරෙන්ම...." හිනාවෙන්ම අතට අත දීලා සමුගත්ත මම කෞතුකාගාරයෙන් එලියට ඇවිදගෙන ආවෙ එකට වැඩ කරපු අනෙක් අයගෙනුත් සමු අරගෙන. ඕටම් කොල වැටිලා සැරසුණ පාර දිගේ බස් නැවතුමට හෙමින් ඇවිදගෙන ආවෙ පුරුදු විදිහටමයි. ඉඳහිටක ඇස් ගියේ හුළඟෙ තාලෙට බිමට වැටෙන රතු තැඹිලි කහ....සරත් සෘතුව හැඩ කරපු ඕටම් කොල වලට....
' තව ටික දවසකින් වින්ටර් එක ' අහස දිහා බලාගෙන සුසුමක් හෙලුව මට මැවුනෙ ඉස්සරහට එන ශීත කාලෙ ජර්සි බ්ලැන්කට් පොරවගෙන ගිනි තපින හැටි. පුලුවන්නම් ගිනි ගොඩට පනිනවා ඒ තරමට මෙහෙ හීතල." අප්පත්ති.....ම්හුම්....පිති පිති.....බබාට..."
" ඇති ඇති...බබාට පිටි ඇති තාත්තා ආවොත් අපි දෙන්නට උඩින් යන්න දෙයි...."
" උ..ඩින්..."
" ඕ...උඩින් යන්න ගහයි....කෝ දෙන්න ඕක
හොඳ පුතානෙ...."
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡