හොස්පිට්ල් රූම් එක ඇතුලට ආපු එයා මන් හිටපු ඇදේම පැත්තකින් වාඩිවුණෙ මගෙ කැනියුලාව ගහපු අත පරිස්සමට එයාට අත් වලින් අල්ලගන්න ගමන්.
ඇස් පියාගෙන ඉන්න පුළුවන් තරම් උත්සහ කෙරුවත් එයා අතට දුන්න හාදුවත් එක්ක මන් ගැස්සිලා යද්දි දිනෙත්තුත් ඒ එක්කම ඇතුලට ආවා.
" බලනවා මන් නැති ටිකට කරගන්න වැඩ
බූරු පැටියා...මොන ලබ්බකටද හීටරේ වැහුවෙ...."" කවුද බූරුවො වැහුවෙ...ඒක කැඩිලා...
කෑගන්නෙ නැතුව මොකක්ද උනේ කියපන්..."" උනේ...උනේ...උඹ තව ටිකෙන් හීතලටම ගල් වෙලා මැරෙනවා...."
" දිනෙත්.......ඇති...යුගාන් හොඳින්නෙ දැන් ඒක ඉවරයි...."
මැක්ස් ළඟ ඉන්නවා කියලත් අමතක වෙලා දිනෙත් එක්ක රණ්ඩුවට යද්දි එයා එකපාරින් අපේ කටවල් වැස්සුවා.
එයාට හොරෙන් මට රවපු දිනෙත් එලියට යද්දි එයා ආයෙමත් මගෙ අතින් අල්ලගත්තා." කොච්චිකරලට හරියට තරහ යනවනෙ.."
".....ස...සර්.."
මට කොච්චිකරල කියපු එයා අනිත්පාර මට වචනයක්වත් කියන්න නොතියා මගෙ තොල් වලින් ඇඟිල්ලක් තියද්දි හදවත පවා එයා ඉස්සරහ අමුතු රටාවකට ගැහෙන්න ගත්තා.
" සර්...ඉන්නෙ කැම්පස් එකේ....එලියෙදි ඔයා කැමති විදිහකට මට කතා කරන්න...
....තේරුණාද කොච්චිකරලට....."එයා තේරුණාද අහන ගමන් මගෙ නහයට තට්ටුවක් දැම්මෙ හුස්මක් දුරට අපි ළං වෙද්දි...
" දිනෙත්ට කෑගහන්න එපා එයා බය වෙන්න ඇති ඔයාට කරදරයක් වෙයි කියාලා....දැන් අමාරුවක් නෑ නේද....."
" න්..නෑ.....මොකක්ද වුණේ.... මට මුකුත් මතක නෑනේ..."
" උණත් එක්ක පොඩි ක්ලාන්තයක් එන්න ඇත්තෙ ඔයාට....හීටර් එක නැවතුන නිසා
සීතලට අමාරු වෙන්න ඇති...."මෙහෙ සීතල තාමත් මට දරාගන්න අමාරු
තරම් කටුක සීතලක් වෙද්දි ඉදිමුණ සමහර ඇඟිලි පුරුක් පැලිලා ලේ පවා කැටිගැහිලා තිබුනා.වීදුරු කවුළුවට පිටින් තනිකරම සුදු පාටට වැහිලා ගිහින් තියෙද්දි සැරින් සැරේට වදින හුළං පාරට හිම තට්ටු ඝනකමට වීදුරුවෙ බැඳෙන හැටි මන් බලන් හිටියේ එයා සනීපෙට ඔලුව අතගාද්දි.
මේ පාර නත්තලටත් කලින්ම හිම කුණාටු..
ඒ අතින් බලද්දි ඉපදුන රටේ අගේ දැනෙන්නත් මේ වගේ කර්කශ රටවල් වලට ඉඳලා බලන්න ඕනි. වින්ටර් සීසන් කියලා ලස්සනට කියව්වට මතුපිටින් පේන ලස්සන විඳින කොට නෑ.....
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡