○● 20 ○●

2.2K 373 79
                                    

" අනේ....අනේ මාත් එන්නම්කෝ....."

" අනේ හුනේ නෙමෙයි....ගෙදරට වෙලා ඉදපන්.... අප්පච්චි කියපුවා ඇහුනනෙ..."

වෙදගෙදරට ඇවිත් දවස් තුනක්ම ගෙවුනා...මටත් ගෙදරක් තියෙයි කියලා අමතක වෙන තරමට මන් එහෙ ඉන්න කැමති වෙද්දි දිනෙතයා නම් රොකී නැති ශෝකෙන් ලොකුවෙදාගෙ අන්තේවාසික ගෝලයෙක් වුණා. දැන් වෙදගෙදරට ආවොත් දිනෙත් වෙද මහත්තයගෙනුත් බෙහෙත් ගන්න පුළුවන්...හැබැයි මන් වගකියන්නෙ නෑ...

" මොකක්ද අනේ....මන් උදව් කරන්නනෙ එන්නෙ...."

" මන් සැරයක් කිව්වා යුගාන්...! "

බෙහෙත් පැල හොයන්න මේඝ ලන්දට යනවා කිව්ව වෙලේ ඉදන් එයාට නෙවේ මගෙන් ගැලවිලලක් තිබුනෙ...එයාගෙ කාමරේට පේන හෙල්මලු කුඹුරු යායවල් එක්ක උඩහට දිවෙන ලදු කැලෑව ඈතට පුදුම තරම් ලස්සනයි...ඈතට එහෙමනම් ළඟට කොච්චර ලස්සන ඇතිද..
තනියෙන් යන්න දෙන්නෙත් නැති කොට යන්න තිබ්බ එකම විදිහට එයත් එක්ක යන එක...ඒත් ඊයේ හවස මේඝගෙ අප්පච්චි අයියගෙයි මගෙයි කේන්දරද මොනවද බලලා අපල කාලයක් කිව්වයින් පස්සෙ අයියට හපන් මන් කාමරේටම කොටු වුණා.

කුස්සියට ආපු මේඝට යන්න නොදී මන් නතර ගත්තෙ තාත්තාත් ඉන්න තැන යම්කිසි උදව්වක් මගෙ පැත්තට ලැබෙයි කියලා හිතන්.

" පොඩි ළමයෙක් නෙවෙයිනෙ අනේ මන්..."

" ඒ වුණාට කරන්න ඊටත් අන්ත වැඩනෙ..
බඳිනවට වඩා හොඳයි තමුසෙව දරුකමට හදා ගන්න ගත්තනම්..."

" තාත්තෙ....මාවත් එක්කගෙන යන්න කියන්නකො...ම්හුක්...අනේ..."

" එයාගෙ ආසාවනෙ මේඝ...එක්කන් යන්න
පවුනෙ..ඒ දරුවට ඔච්චර සැර වෙන්න එපා..."

" ම්හුම්....ඒකනේ මේඝ අයියෙ...දරුවට ඕච්චර සැර වෙන්න එපා...."

මන් නහයෙන් අඩ අඩ තාත්තාට අවනඩුව කියද්දි තාත්තා මගෙ පාර්ශවේට කතා කරා...දෙයියෙක් වගේ මනුස්සයෙක් අප්පා මගෙ මාමණ්ඩිය....ඒකට පුත්‍ර රත්නෙ නිල් කටරොළු මලෙන් උපන්........නෑ එක්කො ඕනි නෑ නිකන් හරි ඇහුනොත් වෙන්ඩ ස්වාමිපුරුෂ තැන මාව පණ පිටින් අපාගත කරයි..

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now