" රේචල්...! මෝඩ වැඩ කරන්න එපා..."මේඝ කෑගහන් එනවත් එක්ක සේපාලිකා ගහ අස්සෙ ඉඳලා එලියට පැන්න රේචල් හිනාවුණා....හිනාවුණා කිව්වට ඒක හිනාවකුත් නෙමෙයි නිකන් වැම්පයර් වවුලියක් දත්ටික විලිස්සුවා වගේ. යන්නතම් සිහි ඒ ගෙන ආව දිලිනියා ඒ හිනාවටම ආයෙත් ක්ලාන්තෙ දාලා වැටෙද්දි රේචල් උරහිස් ගස්සලා මේඝ දිහා බැලුවෙ එයා ඉතින් මොනවා කරන්නද අහන්න වගේ. ඔය ඩබලවම අල්ලලා ගස් බඳින්න තියෙන්නෙ...මේඝත් දැන් ගිරිය පුප්පන් රේචල්ට කෑගැහුවට මොකද ඒකත් කරන්නෙ මන් පණ බය භව දැන දැන බය කරන එක.
" එන්න එපා පැත්ත පළාතෙ....මට ඔයත් එක්ක කතාවක් නෑ...."
" විහිළුවක් මෝඩියෙ කලේ...."
" ඔයාට ඔක්කොම විහිළු.....යනවා යන්න...! "
යෝ.....ගෑනු වලි ඕවා මැද්දට පැන්නොත් අහක ඉන්න එව්වොත් ඉවරයි.... රේචල්ගෙයි දිලිනියගෙයි රණ්ඩුව මඟ ඇරලා හීමීට මාරුවෙන්න හිතුවා විතරයි දිලිනි රේචල්ට ගැහුව කොට්ට පාරක් ඇවිත් මට වැදුණා. මේ යක්කුයි යස්සනියොයි එක්ක අසරණ මන් තැලෙන්නෙ....
හුහ්.....බෑ මේ යක්කුත් එක්ක.....
අහක යන කොට්ට පාරකුත් කාලා අසූහාරදාහට නැගලා හිටිය මට ඒක හිතුවට වඩා කියවුණාද මන්දා.....ඒක ඇහිච්ච යක්ස පරාන තුන මන් දිහා බැලුවෙ දතුත් විලිස්සලා.
දවස් ගෙවෙන්නෙ හෙමීටද නැත්තම් ඔරලෝසුවෙ බැටරි බැහලද මන්ද මන් හිටියේ පුදුම කම්මැලි කමකින්. ගෙදරින් එළියට බහින්න හැදුවොත් මේඝයාගෙන් ගුටිකන්න වෙන හින්ද මන් පුලුවන් තරම් ඉවසුවා....දවසම පොත් කියෙව්වා ෆෝන් එකේ උඩ පහළට ගියා වගේම අතක් පයක් නිකන් තියන් ඉන්න බැරි මන් නිදන් ඉන්න දෝනිව හරි ඇඟිල්ලෙන් ඇනලා ඇහැරෙව්වා. ඔක්කොටම හේතුව අර මේඝයානෙ මොන සෙද්දකටද මාව නිවාස අඩස්සියට දැම්මෙ.
" කෝ තාත්තෙ දෝනි...."
" අන්න දෙන්නම පොල් කෑල්ලට ගියා...."
කම්මැලිකමේ ඉන්න බැරුව හිටිය මට කිරි අප්පට බල්ලො පැනලා වගේ එලියට යන්න පොටක් පෑදෙද්දි මාත් තාත්තාටත් හොරෙන්ම පොල් කෑල්ලට දිව්වෙ මේඝගෙන් ගුටියක් කෑවත් කමක් නෑ කියලා හිතලා. ගෙට පිටිපස්සෙ අක්කර දෙක තුනක පැතිරුණ පොල් වත්තෙ කලබලේට සෙරෙප්පුත් නැතුව ආව මන් උසට වැවුණ තණකොල උඩින් පැන පැන දිව්වා. ම්හුක්....කෝ අප්පා මේ අප්පච්චියි දුවයි....පොල් කඩන්න ආව මිනිස්සු ඇරෙන්න කවුරුත්ම පේන්න නැති වෙද්දි මන් හොර පූසා වගේ ඇඟිලි තුඩු වලින් ඇවිදන් ගිහින් පොල් කඩලා දාන මඩුවට එබුනා....කුරුම්බයක්වත් තිබුණොත් බොන්න.
තිබුණ රස්නෙට මට ඉබේටම කුරුම්බා මතක් වෙද්දි මන් පොල් මඩුවෙ එක පැත්තක ගොඩගහලා තිබුණ හොඳ කුරුම්බා ගෙඩියක් අතට ගත්තා. ඒකත් කොළ පාට කුරුම්බා ගෙඩිය බදාගෙනම මන් උගුර පාදපු හඬට ආපස්සට හැරෙද්දි
මේඝ දෝනිවත් වඩාගෙන මට රැව්වා.
දෝනියට නම් පොල් බීයක් අහුවෙලා. පැල වේගෙන ආව පොල්ගෙඩි වල තියෙන පොල්බීයෙ කිරි රහටම එයා ඒක අත් දෙකෙන්ම බදාගෙන ලේන් පැංචෙක් වගේ ලෑටි ගානවා.
මන් කුරුම්බා ගෙඩිය පපුවට තුරුළු කරගෙන මේඝ දිහා ආයෙමත් හොරෙන් බලද්දි තරහ යද්දි එයාගෙ කම්මුල් තද වෙනවා මන් බලාගෙන.....බනින්න තමා හදනවා.....
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡