●○ 3 ●○

2.6K 432 39
                                    



Another one  pov.........

කාමරේ පුරාම කැඩිලා විසුරුණු වීදුරු කෑලි
බෙහෙත් පෙති මීට ටික වෙලාවකට කලින් මගෙ හැසිරීම ගැන මටම කලකිරෙව්වා.
පොත් පත් ඇඳ රෙදි කොට්ට වලින් පවා මන් මගෙ කේන්තිය පිරිමහලා.....ඵහෙන් ඔලුව පිපිරෙන්න තරම් රිදෙනවා......ගෙදර දොර වැහිලා යන සද්දෙත් එක්ක මන් ඇඳෙන් නැගිටලා වැටිලා තිබුන පොත් ටික එකතු කරන්න ගත්තෙ රොකී බෙහෙත් පුරෝපු කවරෙකුත් අරන් කාමරේට එද්දි.

" බාප්පලා ගියා....උඹ මේ බෙහෙත් බීලා
නිදාගනින්...."

" කියපන්...උඹටත් මාව පෙන්නේ පිස්සෙක්
වගේද ආ.......රොකී..කතා කරපන්....අර බාප්පට වගේ උඹටත් මාව මොළේ විකාර
වෙච්ච පිස්සෙක් එහෙමද....."

" මොනවහරි කාලා මේ බෙහෙත් ටික බීල ඉදපන්...."

" මන් ඔය මළ ජරාව බොන්නෙත් නෑ.....මට
ඇති ලෙඩකුත් නෑ.....හරි...පිස්සෙක් එක්ක ඉන්න බැරි  තමුන්ටත් යන්න පුළුවන්...."

" මැක්ස් මේ දොර ඇරපන්....."

රොකීව කාමරෙන් තල්ලු කරපු මන් දොරට අගුලු දාගනිද්දි එයා කෑගන්න ගත්තෙ මන් මොනවා හරි කරගනියි කියපු බයට.... ජීවිතේ නැති කරගන්න තරම් මන් මෝඩයෙක් නෙවෙයි...ප්‍රශ්නෙ ඒක මන් වටේ හිටපු අයට නොතේරුණ එක....
රොකී කොච්චර කොහොම කෑගැහුවත් මගෙ අතින් ආපිට දොර අගුල නොඇරෙද්දි
එයා දොර පාමුල ඉඳගන්න හඬ මට යන්තමට ඇහුනා.

" හරි බෙහෙත් බොන්න ඕනි නෑ...මේ දොර ඇරපන්..."

" තමුසෙගෙ බොරු....දොර ඇරපු ගමන් උඹ ඔය ටික මට පොවයි...."

" නෑ බූරුවො...නෑ.... උඹ ඉස්සෙල්ලා මිනිහෙක් වගේ වෙයන් ඔය කොණ්ඩෙයි
රැවුලයි කපලා....වානරයා.....තෝ හොඳ
ටාසන්ට...."

බෙහෙත් කවරෙ මට ඇහෙන්නම පැත්තකට විසි කරපු රොකී හැමදාම වගේ මගේ වැවිලා තිබුන කොණ්ඩෙටයි රැවුලටයි බනිද්දි මන් නලලට වැටුණු කොණ්ඩෙට කටින් පිඹින ගමන් කණ්ණාඩිය දිහා බැලුවා......පොඩි ටාසන් ලුක් එකක් නම් තියෙනවා තමා..එක අතකින් වැවුණ කොණ්ඩෙයි රැවුලයි එක්ක මට කණ්ණාඩියෙන් පෙනුනෙ අප්පච්චිගෙම ෆොටෝ කොපියක්.....
ඔක්කොම දාලා එයාල ළඟට යන්නත් හිතෙනවා....හිතට සැනසීමක් තිබුනනම් ඒ අප්පච්චිලා ළඟ....ඒත් එයාල මට ගව් ගානක් දුර....

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now