සති අන්තෙ කියලා නෑ....වැඩ වැඩ....
උදේ නිදමරගාතෙ හදාගත්ත තේ එකට කහට වැඩිවෙලා කිතුල් හකුරු කෑල්ලෙත් රහ දැනෙන් නැති වෙන්නම....මේ සතියෙම කිරි ගේන එකත් නෑ.....ඌයි එළදෙනයි දෙන්නම ස්ට්‍රයික් වෙන්නැති....තේකෙ ඔබන් කන්න මාරි එකක් වත් නැති හැටි...
දැන් බිස්කටුත් ගිනි ගනන්නෙ....මදැයි
සුන්දර සිරිබරනි අති ශෝබමාන ලංකාවෙ උන්ට ගිය කල....අන්තිමට බිස්කට් එකක්වත් නැතුව වේලි වේලි ඉන්න වෙන්නෙ..." උඹ තේ හැදුවද....."
නයිට් වැඩ ඉවර කරලා ආව දිනෙත් තේ ඉල්ලගෙන කුස්සියට එද්දි මන් තව හකුරු කෑල්ලක් අරන් සූප්පු කරන්න ගත්තා....
" මන් හිතුවෙ උඹ එන්න දවල් වෙයි කියලා....ඔය තේකට කහට වැඩි වතුර ටිකක් දාගනින් හොඳේ...."
" හ්ම්....."
දිනෙත් තේ එක හදන දිහා බලන් මම එයා ගෙනාපු පාර්සලේ ලෙහුවා......පොල් සම්බෝලෙකුත් එක්ක ඉඳිආප්ප.....ම්හු....
දැන්නම් බඩගිනී හොඳටම....මන් රැල් රැල් ඉඳිආප්පයක් මැදට සම්බෝල ටිකක් ඔතාගෙන කටෙ ඔබාගත්තා." දොළ ළඟ ගුරු පාර දිගේ....ඒවී....සිනහ පපා...දිලිනි නගා.......මචන් මේ පැත්තට එන්නේ.....අතෙත් පිඟානක් වගේ පේනවා....."
තේක බොන ගමන් ජනෙල් පඩිය උඩ වාඩිවෙලා ටිකිරි නගා වෙනුවට දිලිනි කියන කෑල්ල දාලා දිනෙත් සිංදු කියද්දි මාත් හොරෙන් ජනෙල් කූරු අස්සෙන් එබුනා.....කිව්වා වගේ දිලිනි නංගි ආවෙ මේ පැත්තට.....
" සත්සර අයියේ...."
" අන්න සත්සර... උඹ කෑල්ල කතා කරනවා පලයන් පලයන්...."
දිලිනියා කතා කරනවත් එක්ක මූ මාව දොර දිහාට තල්ලු කරලා දැම්මා.....දොර අරිද්දි දැක්ක ඒ හිනාවට හාට් එක ඔලිපික් දුවන්න ගත්තෙ ඒ ඇස් හැමදාම වගේ ලැජ්ජාවට බිමට බර වෙද්දි.
" මේ මොනවද...."
" කිරිබත්....අම්මා කිව්වා අයියලටත් ගෙනත් දෙන්න කියලා......"
"ඔයාද හැදුවෙ..."
" නෑ...අම්මා.."
ඇහෙන නෑහෙන ගානට මුමුණපු එයා මගෙ අතට කෙසෙල් කොලේකින් වහපු පිඟාන දුන්නෙ කම්මුල් රෝස පාටට හැරෙද්දි.
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡