○● 59 ○●

1.2K 184 18
                                    

" මිහී....න්.....නැගිටපන්කො...."

රෑටත් නොකා ඇඳත් බදාගෙන ගෙම්බා පොළවෙ ගහලා වගේ නිදන් උන්න මිහින්ට මන් අතින් පයින් හැම එකෙන්ම ඇන්නා.
තද නින්දක් ගිහින් තිබ්බ ඒකා නෙමේ උස්සලා පොළවෙ ගැහුවත් ඇහැරියෙ...

මන් නැවිලා ඇත යටට විසිකරාපු ඒකාගෙ බෑග් එක ඇදලා අරගත්තා....
එක වසර බී....මිහින් ශාක්‍ය....මුගෙ සමහර පොත් වල අකුරු ටිකකට ලියලා තිබ්බෙ එච්චරයි....මන් හෝම්වර්ක් දීපු පොත් ටිකයි පැන්සල් පෙට්ටියයි උස්සන්
මේඝයි මමයි උන්න කාමරේට ගිහින් ඇඳට දාගෙන වම් අතින් නුහුරට ලියන්න ගත්තා..
...ක....ච.....ට.....ප.....ත...... තඩි අකුරින් අකුර ලියන එකත් පට්ට කම්මැලි වැඩක්...
එක අතකට අරකා හැමදාම හෝම්වර්ක් මන් ලව්වා කරගන්නෙ ඒකමද කොහෙද
කොටු පොතේ ගණන් ටික විතරක් හදලා
අකුරු ලියන්න මට දානවා....

කටත් ඇද කර කර පොඩි එකා වගේ ඇඳ උඩ එරමිණියා ගොතන් අකුරු ලියන අස්සෙ සීතල අතක් මගෙ කමිසෙට යටින් ඉන ගාව නැවතිලා කෙනිත්තුවා...

" නිකන් ඉන්නවකෝ මේඝ...."

" ඔයා ආයෙ එක වසරට ගියාද...."

" ඔව් ඔව්....අරකව ගෙදර තියලා හෙට මම බෑග් එකයි වතුර බෝතලෙයි එල්ලන් ඉස්කෝලෙ යනවා...."

" මම එන්නම්කො පංතියට ගිහින් ඇරලවන්න...."  මේඝ ඉන තද කරලා අල්ලන් මගෙ කම්මුලක් ඉම්බා....ඒ පිටම මාව මුනින් අතට ඇඳේ පෙරල ගත්තා...
ඇගට යට වුණ පොත් ටික අයින් කරලා පැත්තකට කරපු මේඝ හාදු වලින් හෙම්බත් කරවලා ගෙයි මැද සාලෙ ලොකු බිත්ති ඔරලෝසුව දොළහෙ කනිසමට අඬනවත් එක්ක මගෙ කමිසෙ ගලවලා ඇඳ පාමුලට විසි කෙරුවා. අනිත් ඇඳුම් වලටත් ඒ ඉරණම අත් වුණෙ තත්පර ගානකදි...

ඒ ඇස් වල රෝමාන්තික හැඟීම් පණ ගැහුවත් අත් තනිකරම ගොදුරක් අල්ලගත්ත සතෙක් ගානයි....ඉවසීමේ සීමා පැනපු ඇඟිලි තුඩු ශෘංගාරෙ තවරගෙන සර්වාංගෙම රස නහර වලට පණ දෙද්දි රාගික හාදු වැස්සක හිරිකඩක් වැදුණ පමාවට මට පීනසේට ආවා....කොටින්ම යටි බඩේ කෙරවල මර්මස්ථානයක නැවතුන හාදුවක් මාව සුරාන්තෙක මායිමේ නැවැත්තුවා.....

අගුලු වැටුණ දොර වෙනුවට ඇරුණ ජනෙල් කවුළුව ගිනියම් වුණ ආලිංගන මැද්දෙන් හමාගෙන යද්දි බීරලු හැඩ කපාපු තනි සුදු ජනෙල් තිර මුහුදු රැදි වගේ තාලෙට පැද්දුනා....හෙට අනිද්දට මෝරන්න උන්න හඳ පලුවත් ජනෙල් තිර අස්සෙන් හොරෙන්ම එබිකම් කෙරුවා.... නොමේරූ හඳ එලියට මට උඩින් උන්න එයාගෙ ඇස් මන්දාකිණියක තරු පරද්දලා දිලිසුණා.....
අපෙ ඇස් එකට යා වෙන සැරයක් ගානෙම එයා හිනාවෙනවා.....වැලමිට ඇඳට තියලා යන්තමට ඉස්සුණ මන් වල ගැහෙන කම්මුලකට හාදුවක් තිබ්බා.....

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now