" ශෙනන්, මචං..කතා කරපන්කෝ.. දෙයියන්ගේ නාමෙන් වචනයක් හරි කියපන්!"
අවුරුදු 13ක් තිස්සේ ඉඳන් මට වද දුන්න කටහඩක් මම ලොක් කරලා දාපු දොරෙන් එහා පැත්තේ ඉඳන් කෑගැහුවා...
දඩාං... දඩාං...!!
" අරිනවා ඕයි මේ දොර සාගරේ... සීරාවට මම දැන් 119 ගහනවා හොඳේ!!"
ඒ හා සමාන අවරුදු ගානක් මගේ මොලේ වයර් ගලවන්න දඟලපු ගැහැණු කටහඩකුත් පිටතින් ඇහෙන සද්දොට එකතු වුනාම මට හිනාවක් ගියා...
එන්න එන්න සද්දෙට තව කටහඬවල් එකතු වූනා. මට තේරුණා ඒක එන්නේ දොරෙන් එහා පැත්තේන් නෙමේ කියලා... ඒක එන්නේ මගේ ඔළුවෙන්...
වැඩි... හොඳටම වැඩී... මේ වෙන දේවල් හැමදේම... මට මේක නතර කරන්න ඕනේ වුනා... අත් දෙකෙන් කන් දෙක වහගත්ත මගේ ඇස් නතර වුනේ එක දෙයක් මත.............CHAPTER 01
"ඕයි, ඇහැරීයන් ශෙනනෝ"
මට එහා පැත්තේ හිටපු මගේ අතිවදජාතක මිත්‍රයා මගේ කනට කරලා කෑගැහුවම මට උඩ විසි වෙලා ඇහැරැනේ මේසේ තිබ්බ පොත් ටිකත් බිමට වට්ටගෙන...
"අපෝ බන්... උඹ මොන හරි වැරදි දෙයක්වත් කාලා ආවද අද ? උදේ ඉඳන් වෙරි වෙලා වගේ වැටිච්ච වැට්ච්ච තැන් වල නිදි "
පොත් ටික අහුලන ගමන් මෙතුල් කියවන්න ගත්තා...
"ඇහ්... අහ්... හාහා..."
තාමත් හීනෙන් වගේ හිටපු මට ඌ කියපු ඒවයින් කාලක් වත් ඔලුවට වැදුනේ නෑ...
"උඹ ඉස්සරහ පෝලිමේ ඉඳන් ඔය භාගෙට කුනු වෙච්ච මූන දාගෙන හිටියොතින් පුතේ ප්‍රේමා උඹොව අමුවෙන් කයි"
මගේ අනික් අති"වද"ජාතක මිත්රප්රානියා වුන කෙනෝලි මගේ ඉස්සරහින් මතු වෙන ගමන් කිව්ව ටිකට මගේ පන ගහලා ආවා... කොහොමත් ප්‍රේමාගේ නම ඇහුනම මැරිච්ච මිනිහෙක් වුනත් නැගිටීවි... අත් දෙකෙන්ම මුණ පිහිද ගත්ත මම වතුර බීගෙන බීගෙන ගියා ටිකක් හරි සිහියට එන්න...
" ෂ්හ්! මූ ක්ෂණිකෙන් රෝස මල වගේ වුනා නේ"
වේගෙන් පිහිද ගත්ත නිසා මගේ රතු වුන මූන දිහා බලන ගමන් කෙනෝ කිව්වා... ඒත් එක්කම එයාගේ ලඟින් තව කෙනෙක් මතු වෙනවා මම දැක්කා...
"රෝස මලට මීමැස්සෙක් තාම වහලා නැති එකනේ පුදුමේ..."
එක පාරට රුසිරු අයියා කියපු එකෙන් මම බිබී හිටපු වතුර එක තව ටිකෙන් කෙනෝගේ මූනට ස්ප්‍රේ කරනවා...
"කැහ් !! කැහ් !! මොන විකාරයක්ද ඒ කිව්වේ කැහ්..."
"ඇයි මම බොරු ද කිව්වේ...? "
මගේ ළගට පහත් වුන එයා මගේ මූනේ තිබුන වතුර ටික ටිෂූ එකකින් පිහි දැම්මා...
"ආව්.....කියුට්...ඒ දෙන්නා නම් රියල් හොඳේ..අනෝ..."
පංතියේ කෙල්ලොන්ගේ පැත්තේන් හූල්ලපු සද්ද ටික ඇහුනම මම දැන ගත්ත මේ මාසෙත් මට බඩු හරි කියලා... රුසිරු අයියා ඉස්කෝලේ නම ගිය සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්. එයා නීතියට විතරක් වැඩ කරන,තද ගතිගුන තියෙන කෙනෙක් විදිහට ඉස්කෝලේ ප්‍රසිද්ධ වුනත් මොකක්දෝ හේතුවකට එයාගේ සොෆ්ට් පාර්ට් එක වුනේ මම... මොකක්දෝ හේතුවක් කිව්වට ඒකට හේතුවක් නැතුවම නෙමේ...
ඒ හැමදේම පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්, මම මේ ඉස්කෝලේට මාරැ වෙලා ආව කාලේ... ඒ කාලේත් එයා ඉස්කෝලේ හොද නමක් තියාගෙන හිටියේ... වාර මැද ඉස්කෝලේට අහසින් කඩා පාත් වුනා වගේ හිටිය මම පුලුවන් තරම් බැලුවේ කාගෙවත් අවධානය නොගෙන ඉන්නයි... ගිය ආත්මේ ඝණ්ඨාර පූජා කරලා වගේ සයිරන් කටවල් දෙකක් තිබ්බ කෙනෝලි, මෙතුල් එක්ක ඉන්න කොට හැංගිලා ඉන්න එක mission impossible වගේ වැඩක් වුනාට මට ඕනේ වුනේ නෑ කවුරුවත් මගේ පරණ ඉස්කෝලේ කතාව දැනගන්නවට...
රුසිරු අයියගේ සිද්ධිය වුනේ මම ඉස්කෝලේට ඇවිත් මාසෙකට පස්සේ... මේක හරිම සුලු වගේම අහම්බෙන් වුන දෙයක්... ඒත් නිකම් මගේ ඉස්කොල ජීවිතේ මහ විකාර විදිහට අනෙක් පැත්තට හැරවුනු සිද්ධියක්...
.
.
.
.
.*******************************
Updates : 7 -8 pm
Short chap
![](https://img.wattpad.com/cover/336521461-288-k608658.jpg)
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...