Chapter 4

3K 444 15
                                    

අත මැණික් කටුව ළගින් ඇඹරිලා තිබ්බ නෙතිල් අයියාගේ අතට බාම් ගාන ගමන් මම කල්පනා කලේ මොකක්ද වුනේ කියලා... මම වගේ හාල්මැස්සෙක් ස්යිස් එකේ එකෙක් ඩබල් එක්ස් එල් පොරක්ව උරහිසට උඩින් විසික් කලා...?!

මෙතුල් එයාගෙ කිරි මුත්තාව මතක් කරද්දී මම ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම වැටිලා හිටපු නෙතිල් අයියාවත් ඇදන් කැන්ටිමෙන් එලියට ආවා මට මතකයි... අත් ලාවට රතු වෙලා තිබ්බ නිසා සික් රෑම් එකට ගෙනිහින් අතේ බාම් ගාන්න ගත්තත් නෙතිල් අයියා නෙමේ වචනයක් කතා කලේ... තිබ්බ පසුතැවිල්ලට එයාගේ මූණවත් බලන්නේ නැතුව මම මටම නිහඩව බැන ගත්තේ එක පැත්තකින් නෙතිල් අයියාටත් බැන බැන... බිම බලාගෙන හිටිය මට නෙතිල් අයියාගේ බැල්ම මගේ නලලේ හිලක් හැදෙන සයිස් එකට දැනුනා වුනත් මම කරබාන් හිටියේ අද දවසට කරපු ටික ඇති කියලා හිතලා...

" සමාවෙන්න..."

අන්තිමට බැරිම තැන මම මිමුනුවා...

" හ්ම් ? "

" ඇහ් ?"

" මොකක්ද කිව්වේ... ඇහුනේ නෑ... ආයේ කියන්න බලන්න..."

දැන් ඉතිං මේකගේ පස්සට වැදහන්කෝ සමාව ඉල්ලලා... නෙදෙකින් මටත් කට පියන් ඉන්න බෑ නේ...

" සමාවෙන්න.කියලා.කිව්වේ..!!"

මම ටිකක් සද්දෙට කිව්වා කන් බෙරේටම වැද්දෙන්න... ආපහු ඇහුන් ඤැහ් ගෑවොත් වැඩිහිටියා කියලා බලන්නේ නෑ අම්මපා අත ගලවලා දෙනවා බල බල ඉන්න කියලා... ඒත් එක්කම හිනාවක් ඇහිලා මම උඩ බැලුවාම හම්මේ මෙන්න මෙයා හිනා වෙනවා...

" මොකද?"

මම කේන්තියෙන් ඇහුවම එයා හිනා වෙවීම මම දිහා බැලුවා.

දෙයියන්නේ එයාගේ ලස්සන.....

මම එයාව මෙච්චර ලඟට දැක්කමයි... මම මෙයාව දන්නේ අවුරුදු හයේ හතේ ඉඳන් වුනාට කවදාවත් එයාට මම මෙච්චර ලං නොවුනේ මගේ අයියා එක්ක තිබ්බ අවුල නිසයි... සාමාන්‍ය විදිහට කිව්වොත් මට මෙයත් එක්ක ඇයි හොඳයියක් තියාගන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ...

ඒත් ඇයි මට කලින් මෙයාව note වුනේ නැත්තේ... අඩවන් ඇස්, උල් නහය, හීනිත් නැති ලොකුත් නැති තොල් දෙක, කඩා හැලෙන කොන්ඩේ, හිනා වුනාම ඇස් දිලිසෙන විදිහ, කට දෙපැත්තේ හැදෙන ඩිම්පල් දෙක.... the hell... මෙයා ඩේවිඩ්ගේ ලංකා version එක වගේ නේ...

HUNTING PAST ✓Where stories live. Discover now