chapter 76

2.1K 308 61
                                    

"will you have this man to be your husband; to live together with him in the covenant of marriage? Will you love him, comfort him, honor and keep him, in sickness and in health; and, forsaking all others, be faithful unto him as long as you both shall live?"

ෆාදර් මගෙන් අහනකොට මම එකට ගැටිලා තිබ්බ අපේ අත් වලින් ගැස්සිලා ඇස් ගත්තා..

සාන්ත මම කසාඳ බඳිනවා !

දැන් මොකක්ද අරයා කිව්වේ ? සැක් අහන් හිටියේ නෑනේ..නෙතිල් අයියාගෙනුත් ඕක ඇහුවා නේද..එයා මොකක්ද කිව්වේ..?

"I...i do !"

මම හෙමීට මිමිනුවාම මම දැක්කා නෙතිල් අයියාගේ අත් ගැස්සෙනවා..එයාගේ ඇස් වල අර අමුතු හැඟීම පුපුරැ ගහනවා..

"Repeat after me"

මෙදා පාර මම කන දීගෙන අහගෙන හිටියත් එයා දිග හෑල්ලක් එක හුස්මට කියවන් ගියාම මාව කරකවලා අත හැරියා..

"I Nethil Singhawangsha take you Shenan Kolin wikramasingha to be my wedded husband, to have and to hold from this day forward, for better, for worse, for richer, for poorer, in sickness and in health, to love and to cherish, till death do us part "

නෙතිල් අයියාගේ ගැඹුරැ කටහඬ නිශ්ශබ්ද හෝල් එකේ දෝංකාර දේද්දී ඒ හඬේ තිබ්බ ප්‍රතාපවත්, ආඩම්බර ගතියට වශී වෙලා මම එයා දිහාම බලන් හිටියේ එයාගේ ඒ ප්‍රතාපවත් දැඩි මූන මගේ ඉස්සරහ මෘදු වෙලා යද්දී..

මගේ අතක් මෘදුව අල්ලගත්ත එයා රතු මැනික් ගලක් අල්ලපු රත්තරන් මුද්ද මගේ අතට දාද්දී මගේ මුද්දට වඩා ටිකක් ලොකු එයාගේ මුද්ද මම එයාගේ අතට දැම්මේ හදවත, මගේ කන් බෙරේ පිපිරිලා යන තරමට හයියෙන් ගැහෙද්දී..

"you have come here today of your own free will and, in the presence of your family and friends, have declared your love and commitment to each other.By the power vested in me by the internet and the State of Florida , I now pronounce you husband and husband !"

ෆාදර් කියලා ඉවර වෙද්දී මගේ ඇඟේ ඉඳන් අමුතු හිරියක් පැතිරැනේ තාමත් මට මේක හීනයක් වගේ දැනෙද්දී.

"You may kiss now !"

ෆාදර්ගේ අනුමැතිය එක්ක එයාගේ පපුව මට්ටමට උස තිබ්බ මම සම්පූර්ණයෙන් එයා දිහාට ඔලු ඉස්සුවේ එයා එක අතකින් මගේ අත් දෙකම අල්ලගෙන අනෙක් අතෙන් මගේ කම්මුලක මෘදුව අත තියද්දී..

අනෙක් අයගේ කෑගැහීම් මැද්දේ මගේ නලලට පාත් වුන එයා සුපුරැදු විදිහට එයාගේ තොල් තැන්පත් කරලා මාව නීතියෙන්ම එයාගේ කරගත්තේ එ් හැඟීමට ඇති වුන කෝල බවින් මගේ ඇස් පියවිලා යද්දී..




HUNTING PAST ✓Where stories live. Discover now