chapter 17

2.4K 390 41
                                    

Authur pov :

"ශෙනන් !! "

මහ හයියෙන් බෙරිහන් දුන්න නෙතිල් පිස්සුවෙන් වගේ දොරට ගහගෙන ගහගෙන ගියේ බාත්රෑම් එක ඇතුලෙන් ශෙනන්ගේ වේදනාත්මක කෙඳිරීමත් ටික ටික වැඩි වෙන අතරේ..

*දඩාස්*

අන්තිමේදී දොරේ ලොක් එක ගැලවිලා ගියාම නෙතිල් එසැනින් ඇතුලට පැන්නත් ආපහු අඩියක් පස්සට තිබ්බේ නිරැවතින් බිම වැටිලා ඉන්න ශෙනන්ව දැකලා..

එක අතකින් පපුව දෑතින් තද කරන ගමන් කටත් ඇරගෙන අමාරැවෙන් හුස්ම ගන්න ශෙනන්ව දැක්ක නෙතිල්ට තේරැනා එයාව ලිස්සලා වැටිලා නෙමේ කියලා..

ලඟ තිබ්බ ටවල් එකෙන් ශෙනන්ව ඔතා ගත්ත නෙතිල් එයාව උස්සන් ඇඳින් තිබ්බේ බය වෙලා එහෙ මෙහෙ දුවන විනෝටත් කෑගහන අතරේ..

"බෙහෙත්..ලොකූ අර බෑග් එකේ ඇති බෙහෙත් ටික..ඇවිදිල්ල නවත්තලා අරක ගනින් ඕයි !!"

"මේ අපි හොස්පිටල් යමු..මම කාර් එක ගන්නම්---"

නෙතිල්ගේ ශර්ට් එක ඉරෙන ගානට තදින් අල්ලගෙන අමාරැවෙන් හුස්ම අදින ශෙනන්ව දැකලා බය වුන විනෝට නෙතිල් කියපු එක ඇහුනේ නැ..

"අන්න අර බෑග් අරලා බෙහෙත් ටික ගන්නවා ඕයි !!!"

ශෙනන් නෙතිල්ව තදින් අල්ලගෙන ඉන්න නිසා හෙලවෙන්නවත් බැරැව හිටිය නෙතිල් පිස්සුවෙන් වගේ කියවන එයාගේ අක්කට කෑගැහුවේ එයාට යකා ආවේස වෙද්දී..

"ආහ් ඉන්න ඉන්න !"

කලබලෙන්ම බෑග් එක ඇරිය විනෝ ඒකේ තිබ්බ අනික් බඩුත් පෙරලන් බෙහෙත් ටික අරගෙන නෙතිල්ට දුන්නම තමන්ගේ පපුව අස්සේ මූන හංගන් හිටිය ශෙනන්ගේ මූන හෙමීට ඉස්සුවා..

සුදුමැලි වෙලා හිටිය ශෙනන්ගේ තොල් පවා නිල් පාටට හුරැ පාටක් අරන් තිබ්බා...
යන්තමට ඇරිලා තිබ්බ බළල් ඇස් දෙක එකපාරට ලොකු වුනේ නෙතිල් බෙහෙත් පෙත්ත එයාගේ කට ලඟට ලං කරන කොට..

"එ..පා...අනේ...p...please..අනේ..අයි..යේහ්...!"

අඩපන වෙලා හිටය ශෙනන් එකපාරට කෑගහන්න ගත්තම නෙතිල්, විනෝ දෙන්නම ගැස්සිලා ගියා..

HUNTING PAST ✓Where stories live. Discover now