Chapter 77 |END|

4.6K 405 175
                                    

නෙතිල් POV ;

ෂැම්පේන් බෝතල් ⁣ටික කබඩ් එක අැතුලට දාලා වැහුවේ හිතට මල යකා කේන්තියක් එද්දී..

මම කීසැරයක් කිව්වද ඇල්කොහොල් ගේන්න එපා කියලා..ශෙනන්ට ඇල්කොහොල් පෙන්නන්වත් හොඳ නෑ..

බෝතල් ටිකේ කේන්තිය එක්ක මගේ හිතේ තිබ්බ බයත් ටිකකට මට අමතක වෙලා ගිහින්..

බාත්රෑම් එකේ ශවර් එක යට ඉඳන් රෝස මල් වලින් සරසලා තිබ්බ බාත්ටබ් එක දිහා බලන් ඉන්න⁣කොටම මට මැවිලා පෙනුනේ එකේ ඇතුලේ මල් පෙති ඇලුනු ඒ කිරිඟරැඬ පාට ඇඟ සරාගි විදිහට ඇඟේ හැඩ පේන්න හාන්සි වෙලා ඉන්න ශෙනන්වයි..

එසැනින් මගේ හැඟීම් ප්‍රානවත් වෙද්දී මම බාත්රෑම් එකේ බිත්තියට හේත්තු වුනේ උනුසුමත් එක්ක හෙන ගැහුවා වගේ එදා එයා ඒ ඇඳ උඩ ලේ ගොඩක් මැද්දේ වැතිරිලා හිටිය විදිහයි..

ඔලුවත් එක්ක හිරි වැටිලා යද්දී ප්‍රානවත් වෙලා තිබ්බ හැම හැඟීමක්ම මාව සුපුරැදු විදිහට යටපත් වුනේ ඒ සුපුරැදු බය මාව උනුසුම පරදවලා සීතලක් එක්ක වට කරගනිද්දී...

හැමදාම වගේ අදත්.....

අද වගේ දවසකත්...

මගේ කසාඳ දවස...

අවුරැදු නමයක හීනේ අද මගේ ඇස් ඉස්සරහ හැබෑ වුනත් ඒ මල නෙලා ගන්න බැරි තරම් ලොකු වලක වැටිලා...

කොහොමද මම ඒක කරන්නේ..? මේ අවුරැදු ගානට මම එයාව පරිස්සම් කලේ තැලෙන්න දෙන්න බැරි මලක් වගේ..කොයි වෙලාවේ පරවෙයි කියලා බයෙන් දවසින් දවස පිච්චි පිච්චි මම එයාව බලාගත්තේ මගේ අතින්ම එයාව තලලා දාන්න නෙමේ...

ඔව්..

මම පිලිගන්නවා..

මම ශෙනන් තරම් ශක්තිමත් නෑ..එයාට වුන දේවල් එයා මහපොලොව වගේ දරාගෙන හිනා වෙලා හිටියත් මට බෑ එහෙම කරන්න..මම දන්නවා එයා තාමත් ඒ මතක වලින් දුක් විඳිනවා..ඒක දැන දැනම මම කොහොමද-

මේ අවුරැදු ගානට මම පිච්චි පිච්චි ජීවත් වුන විදිහ දන්නේ මම විතරයි..

ලන්ඩන් වල ඉන්ජිනියර් උපාධිය කරන අතරේ මම psychology courses තුනක් කලා ශෙනන්ට ට්‍රීට් කරන හැටි ඉගෙන ගන්න..එයාට ලඟින්ම ඉන්න කෙනා විදිහට මගේ හැම හැසිරීමක්ම බලපාන නිසා මගේ වචන පවා මම පරිස්සමට පාවිච්චි කලා..කොටින්ම මම එයාගේ දෙවෙනි නම කතා කරන එකත් නැවැත්තුවේ ඒක විදුරගේ මතක අවුස්සන නිසා..එක වැරදි වචනයක්, එක වැරදි හැසිරීමක් ඇති ආපහු එයාව මානසිකව වට්ටන්න...එයාව ලොකු කල්පනාවකට යවන්න..

HUNTING PAST ✓Where stories live. Discover now