නුරාද්ගේ වදන් වලින් ගැස්සිලා ගිය මිනූ පපුවට අතක් තියාගෙනම අඩියක් පසස්ට තිබ්බේ කිව්ව දේ විශ්වාස කරන්නත් බැරැවයි..
"ඊටත් වඩා..රේප් කරලා තියෙන්නේ වීදුරැ කටු දොලහක් ඇඟ ඇතුලේ තියෙද්දී..ඒ නිසා සෑහෙන්න ලේ ගිහින්..සිහි නැති වෙලා තිබ්බේ නම් drugs overdose වෙලා..එයාගේ ඇඟ සෑහෙන්න weak..එයාගේ ජීවිතේ බේරැනා පුදුමයි"
"ඇති..ඉන්න.."
කිව්ව මිනූ පපුවත් අල්ලන් එතන බිත්තියට හේත්තු වුනේ ශෙනන්ගේ අහිංසක ඇස් එයාගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනෙද්දී..
"පොඩී ෂොක් වුන එක පුදුමයක් නෙමේ..මගෙත් කකුල් හිරි වැටිලා ගියා වෙලා තියෙන දේ දැක්කම"
"දෙයියනේ...කාගේ අතින්ද කියලා දන්නවද ?"
"නෑ..තාම දන්නේ නෑ..සිද්ධිය ගැන දන්නේ නෙතිලුයි මතීෂයි විතරයි තාම..අනික මම හිතන්නේ නෑ මේකට එක්කෙනෙක් විතරක් involve වෙයි කියලා"
"ඒ ඇයි ?"
හොඳ හුස්මක් ගත්ත නුරාද් ඇස් දෙක පියාගත්තේ කියන්න යන දේ කටින් පිට කරගන්න වචන තෝරන ගමන්..
"සමූහ දූෂනයක් වෙලා තියෙන්නේ මිනූ"
නුරාද් ඇඟිලි දෙකකින් නලල දෙපැත්ත තද කරගන්න ගමන් කිව්වම මිනූ පපුව තව තද කරගත්තා..
"දැන් ලමයට කොහොමද?"
"ICU දැම්මා..ඒත් පොඩීට කියන්න එපා. ශෙනනගේ ඔලුවට ලොකු පාරක් වැදිලා තියෙනවා..ලොකු හානියක් නම් නෑ..ඒත් එයා කෝමා තත්වෙක ඉන්නේ"
"මොකක්..ඒ්ත් ඔයා කිව්වේ.."
"එයා හිටිය තත්වේ අනුව ඒ වගේ දෙයක් කියන්න බෑ..අනික් ගොඩක් බරපතල නෑ ඒ situation එක..තව ටික දවසක් ඒවි සිහිය එන්න..එතනින් පස්සේ තමා බලන්න ඕනා side affects ගැන.."
"නුරාද් ශෙනන්ගේ situation එක මේ තරම් බරපතල නම් ෂෙරින්ට නොකියා බෑ..හිතන්න මීඩියා ගියොත් මේ දේවල්...."
"මේච්චර දෙයක් වෙලත් ඔයාටත් මීඩියා එකක් ගැන විතරද හිතන්න තියෙන්නේ මිනූ ?! "
නුරාද් දැඩි හඬකින් ඇහුවේ ශෙනන්ගේ ජීවිතේ බේරගන්න තමන් කොච්චර මහන්සි වුනාද කියලා මතක් කරන ගමන්..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...