chapter 70

1.9K 323 83
                                    

The One That Got Away !
| විහඟ ආදරයේ විරහව |

Happy birthday Shenan !

ඔයාට මේ ලියුම හම්බෙනකොටත් මම ජීවිතුන් අතර නැතිව ඉඳීවි..මම දන්නවා මම දේවල් ප්ලෑන් කලේ ⁣මේ විදිහට ඉවරයක් කරන්න නෙමේ..ඒත් මම හිතුවා..හැමදේකටම තිතක් තියාගෙනම මම නවතින්න..

මේ ලියුම ශෙනන්ගේ නමට ලියලා තිබ්බත් මම මේක ලියන්නේ හැමකෙනාටම මට කියන්න බැරි වුන කතාවයි..

ෂෙරින්,
මම දන්නවා හස්බන්ඩ් විදිහට මට කවදාවත් බැරි වුනා ඔයාට මගෙන් ඉටු වෙන්න ඕන දේවල් කරන්න..මම ඒක ගැන සමාව ඉල්ලනවා..ඒ වගේම මම දන්නවා ඔයා මට ආදරය කරා කියලා..

ඒත් ඒක පිලිගන්න බැරි තරම් ඔයා කරපු දේවල් නිසා නැති වුන ජීවිත වලට ජීවිත දෙන්න සිද්ධ වුනා මිසක් ඔයාගේ හැඟීම් වලට ඉඩක් දෙන්න මට බැරි වුනා..

ඔයා අවුරැදු දහනවයෙන් ඔයත් එක්ක පටන් ගත්ත ජීවිතය අද වෙනකම් මම මැරි මැරි ජීවත් වුනත් මට බෑ ඔයාට වෛර කරන්න..මොකද මගේ ලමයි දෙන්නාගේ අම්මා ඔයයි..ඔයා දුන්න ලමයි දෙන්නා නිසයි අද වෙනකම් මම මේ සෙල්ලම ඇදන් ආවේ..
ඔයාට ස්තුති වන්ත වෙන එකම දේ...මගේ දරැවෝ දෙන්නා ! එදත් අදත් මම මගේ දරැවෝ දෙන්නා මට ලැබුන එක මට ලැබුන හොඳම දේ..

මතීෂ,
මාව පලවෙනි වතාවට තාත්තා කෙනෙක් කරාට ස්තුති පුතේ..මට අදටත් මතකයි ඔයාව මම පලවෙනි වතාවට අතට ගත්ත විදිහට..අවුරැදු දහනමයේ පොඩි කොල්ලෙක් විදිහට අත දරැවෙක් වඩා ගන්නවත් අදහසක් තිබුනේ නැති වුනත් මම පුලුවන් විදිහට ඔයාව බලාගත්තා..අම්මාගේ ආදරේ නැති වුනා කියලා ඔයාට අඩුපාඩුවක් වෙන්න ඉඩ දුන්නේ නෑ මන්..

ඒත් ඔයාගෙම අම්මාගෙන් වෙන කෙනහිලිකම් මට නවත්තගන්න බැරිවෙද්දී මට පුලුවන් වුනේ ඔයාව පපුවට තුරැලු කරන් මුල්ලකට ගුලි වෙන්න විතරයි..ඒ හැමදේම වුනේ මගේ වැරැද්දෙන් වුනත් මට ඒ දේවල් හරි ගස්සන්න බැරි වුනා..ඒ නිසාමයි එදා ප්‍රතාප්ට මම ඔයාව අරන් යන්න ඉඩ දුන්නේ..එදා ඉඳන් ඔයාගේ මුන ඉස්සරහට එන්න බැරි වුනත් ඔයාගේ එක මොහොතක්වත් මගහැර ගන්නේ නැතුව මම පුලුවන් විදිහට ඔයා එක්ක හිටියා මතීෂ..

HUNTING PAST ✓Where stories live. Discover now